Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩාංගණ අවට බියර් තහනම්
කටාර් - 2022

ක්‍රීඩාංගණ අවට බියර් තහනම්

editorial - 2022 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ඒ.එෆ්.පී. ඇසුරිනි - සැකසුම දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට දින දෙකක් තිබියදී විස්මිත තීරණයක් ගත් කටාර් සංවිධායකයෝ ක්‍රීඩාංගණ අවට බියර් අලෙවිය තහනම් කළෝය. ඉස්ලාමීය ජාතීන්ට මත්පැන් භාවිතය තහනම් වන නමුත් අවසන් මොහොත දක්වාම ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකී සංවිධායකවරුන් ප්‍රමාද වී ගත් තීරණය හේතුවෙන් පාපන්දු ලෝලීන්ගේ කෝපය ඇවිස්සී තිබිණ.

තරගාවලියේ සත්කාරකයින් වන කටාර් බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් පසුව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සිකුරාදා නිවේදනය කළේ ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අටෙන් කිසිවක් අසළ පාපන්දු ලෝලීන් සඳහා බියර් අලෙවි නොකරන බවයි.

මෙම විස්මිත තීරණය සම්බන්ධයෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මෙන්ම තරග සංවිධායකයන්ද කිසිදු හේතුවක් ඉදිරිපත් කර නොතිබිණ. එහෙත් මාධ්‍ය වාර්තා වලින් හෙළිදරව් වී තිබුණේ කටාර් රාජ්‍යයේ පාලක පවුලේ මැදිහත්වීමක් ඒ සඳහා සිදුව ඇති බවයි.

ඒ වන විටත් බලපත්‍ර ලාභී බියර් විකුණුම්කරුවෝ අවසර ලත් ස්ථානයන්හි තමන්ගේ බියර් විකිණීමේ කූඩාරම් ඉදිකර තිබිණ. එහෙත් දැන් ඒවා ඉවත්කර ගැනීමට සිදුවී තිබේ.
එංගලන්තයේ සහ වේල්සයේ රසිකයින් නියෝජනය කරන පාපන්දු ආධාරකරුවන්ගේ සංගමය මෙම පියවර විවේචනය කළේය.

“කිසිම සාධාරණ පැහැදිලි කිරීමකින් තොරව, මේ පිළිබඳව ඔවුන් කලින් ගත් තීරණය, මොහොතකින් වෙනස් කළ හැකි නම්, නවාතැන්, ප්‍රවාහන හෝ සංස්කෘතික ගැටළු සම්බන්ධයෙන් දුන් වෙනත් පොරොන්දු ඉටු කරයිද යන්න පිළිබඳවත් ආධාරකරුවන් තේරුම් ගන්නා ආකාරයේ කනස්සල්ලක් ඇති වේවි” යයි පාපන්දු ලෝලීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය හෙට (ඉරිදා) කටාරය සහ ඉක්වදෝරය අතර පැවැත්වේ.


අදහස් (0)

ක්‍රීඩාංගණ අවට බියර් තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.