Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රිකට් මංපෙත’ ජාතික වැඩසටහන් මාලාවේ 2022 පළමු අදියර වශයෙන් පැවැති පොළොන්නරුව දිස්ත්‍රික් කඳවුරේදී දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකු සොයා ගනු ලැබිණ. වයස අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ සහ 23 න් පහළ යන වයස් කාණ්ඩ නියෝජනය කරන ක්‍රීඩකයෝ 170 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් මෙම තේරීම් කඳවුරේදී සොයා ගැනිණ.
පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමේ අවස්ථා නොලැබෙන, එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනාවරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර ගණනාවකට ඉහතදී හඳුන්වාදෙන ලද ‘ක්‍රිකට් මංපෙත’ ජාතික දස්කම් සෙවීමේ වැඩසටහනකි. මෙම වැඩසටහනේ 2022 පළමු අදියර පසුගිය 18 වැනිදා, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආරම්භ කෙරිණ. එය මේ මස 24 වැනිදා දක්වා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි පැවැත්විණ.
තෝරාගත් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හත ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති “කාර්යසාධන මධ්‍යස්ථාන” වෙත යොමු කර ඔවුන්ට වැඩිදුර පුහුණුව ලබා දෙනු ඇත. තෝරාගත් සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවදුරටත් පිරික්සීමට ලක්කිරීමෙන් පසුව ඔවුන්ගේ ප්‍රදේශවල පිහිටි ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල්වලට ඇතුළත් කිරීමට කටයුතු සම්පදනය කෙරෙනු ඇත.
උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ සහ පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සහයෝගයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්ගේ අධීක්‍ෂණයෙන් යුතුව මෙම ‘ක්‍රිකට් මංපෙත’ වැඩසටහන තමන්කඩුවට අමතරව වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය සහ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලදීත් මෙම වැඩසටහන පැවැත්විණි.
සුපුරුදු පරිදි, අලුතෙන් පත්වන ක්‍රීඩා ඇමතිවරයාගේ ඡන්ද බලප්‍රදේශයෙන් මෙවරත් ‘ක්‍රිකට් මංපෙත’ ආරම්භ කෙරුණු අතර පොළොන්නරුව රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී සමාරම්භක සැසිය පැවැත්විණ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සහකාර භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.