Last Update  :  2025-07-17 18:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් පිටිය නැවතත් කැළඹෙයි

ක්‍රිකට් පිටිය නැවතත් කැළඹෙයි

editorial - 2023 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා තාක්‍ෂණික උපදේශක මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ. සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් මෙම තාක්‍ෂණික උපදේශන මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙසින් ෆර්වීස් මහරුෆ්, අසන්ත ද මැල්, චරිත් සේනානායක සහ කපිල විජේගුණවර්ධන යන මහත්වරුන් පත්කරනු ලැබ සිටිති.  

2023 මාර්තු මස 23 වැනි දාතමින් යුත්, අංක 2325/05 දරණ, අති විශේෂ ගැසට් පත්‍රය අනුව, 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතින් ක්‍රීඩා ඇමතවරයා සතු බලතල ප්‍රකාරව, මෙම කමිටුව පත්කර තිබේ. එහෙත් මෙම තාක්‍ෂණික උපදේශන මණ්ඩලය හේතුවෙන් ක්‍රිකට් ක්ෂේත්‍රය නැවතත් කැළඹීමට පත්ව තිබේ.
 
ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු කීවේ මෙම කමිටුව පත්කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයාට අවශ්‍ය උපදෙස් ලබාගැනීමට බවයි.

මේ සම්බන්ධයෙන් කමිටුවට පත්කරන ලද සාමාජිකයන්ගේත් විවිධ අදහස් පවතින බවත් තමන්ගේ කාර්යභාරය පිළිබඳව කිසිවක් තවම දැනුම් දී නැති බවත් කමිටු සාමාජිකයෝ කියති. තමන් උපදෙස් දිය යුත්තේ ක්‍රීඩා ඇමතිවරයාටද නැතහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ද යන්න ඔවුන්ට තවමත් දැනුම් දී නැති බවත් දැනගන්නට තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන්ගෙන් කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ මෙවන් තාක්‍ෂණික කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් තමන්ට ප්‍රශ්නයක් නැතත් එය අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ප්‍රශ්නයක් විය හැකි බවයි.

“ඒ ගොල්ලන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපට උපදෙස් දෙනවා නම් ඒකට කමක් නෑ. අපට ඒවා සලකා බලන්න පුළුවන්. ඒත් ඒවා ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා නෑ.. ”

“ලංකාවේ ක්‍රිකට් ගැන බලාගන්න අන්තර්ජාතික ක්‍රිකට් සභාවට බැඳිලා තියෙන ජාතික ආයතනයක් තියෙනවා. අනෙක ඔය කියන ආකාරයේ කමිටුවක් ගැන අපිට නම් දැනුම් දීලත් නෑ...”

“ශ්‍රී ලංකාව ගැන ඇහැගහගෙන ඉන්න අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් දැනටමත් තුන් දෙනෙක් පත්කරලා ඉන්නවා. ආසියානු ක්‍රිකට් සංගමයේ සභාපති ජේ ෂා එක්කෙනෙක්... ඉතිං මේ වගේ කමිටු දාලා එහෙන් මෙහෙන් කුරවල් කරන්න ගත්තාම ශ්‍රී ලංකාවේ පාපන්දුවට වෙච්ච දේ අපිටත් වෙයි” යයි එක් නිලධාරියෙක් පැවසීය.

මේ අතර තාක්‍ෂණික කමිටුවට පත්කර සිටින ෆර්වීස් මහරුෆ් මහතා වෘත්තීය ක්‍රිකට් විස්තර විචාරකයකු වන බැවින් ඔහුගේ පත්කිරීම සම්බන්ධයෙන් ද විශාල ප්‍රශ්නාර්ථයක් පවතින බවත් දැනගන්නට තිබේ. මීට පෙර ද ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රිකට් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ෆර්වීස් මහරුෆ් මහතා පත්කරන ලද නමුත් ව්‍යවස්ථා කටයුතු සම්බන්ධයෙන් තමන්ට මැදිහත් වීමට නොහැකි බව කියමින් මහරුෆ් මහතා එයින් ඉවත් වූයේය.

 

 


අදහස් (2)

ක්‍රිකට් පිටිය නැවතත් කැළඹෙයි
  • අරවින්ද මොනරවිල Tuesday, 04 April 2023 07:02 AM

    ශිරන්තිගේ ඥාතියා කාලයක් තේරුම් කමිටුවට අරක්ගෙන හිටියා, එහෙම ඉඳලා ක්‍රිකට්වල පල්ලටම යවන්න මහන්සි වුණා, පස්සේ තෙල් සංස්ථාවට පැනලා ඒක විනාශ කෙරුවා. දැන් ආයෙත් වටයක් කැරකිලා ක්‍රිකට් වලට උපදෙස් දෙන්න දත කනවා. මේ මහලු ක්‍රීඩකයින් නැතුව අලුත් පරපුරේ ක්‍රිකට්වල නවතම තාක්ෂණික කරුණු හොඳින් අඳුනන ලෝකයේ වෙනත් රටවල ක්‍රීඩාව නැංවීමට උපදෙස් දුන්න ක්‍රිකට් ක්‍රීඩකයින් බහුලව මේ රටේ ඉන්නවා.. ඔවුගේ සහාය ලබා ගත්තා නම් මේ උත්සාහය ඵලදායි වෙනු ඇත.

    Reply 0       0

    H.r.ජෝතිපාල putha Wednesday, 05 April 2023 09:27 AM

    වැඩක් නෑ.. අද තරගය පරාදයි..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.