Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් ආයතන කටයුතු අත්හිටුවීමට එරෙහිව පරීක්ෂණ

ක්‍රිකට් ආයතන කටයුතු අත්හිටුවීමට එරෙහිව පරීක්ෂණ

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් අතුරු කමිටුවක් පත් කිරීමට ගත් තීරණයට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්වීමට ඩුබායි නුවරදී ඊයේ (16) රැස්වූ අන්තර් ජාතික කි‍්‍රකට් සභාව තීරණය කළේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ එහිදී ගත් තවත් තීරණයක් වන්නේ එම පරීක්‍ෂණය පවත්වා අවසන් වන තුරු අන්තර් ජාතික කි‍්‍රකට් සභාවෙන් ශ්‍රී ලංකාවට ඉදිරියේදී ප‍්‍රදානය කිරීමට නියමිත මුල්‍යාධාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමය.

කී‍්‍රඩා ඇමැති නවිවීන් දිසානායක මහතා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් තාවකාලික අතුරු කමිටුවක් පත්කිරීමට පියවර ගත්තේ පසුගිය අපේ‍්‍රල් 1 වැනිදාය.

එහි සභාපතිවරයා ලෙස සිදත් වෙත්්තමුණි මහතා කටයුතු කරයි. ඊයේ පැවැති අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ රැස්වීමට කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපතිවරයා නියෝජනය කරමින් එහි සාමාජික නුස්කි මොහොමඞ් මහතා එහි ළඟාවුවත් ඔහුට ඒ සඳහා අවස්ථාව හිමි නොවූ බවත් වාර්තා වේ.

නුස්කි මොහොමඞ් මහතා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ කි‍්‍රයාකාරිත්වය අත්හිටුවන විට එහි භාණ්ඩාගාරිකවරයා ලෙසත් කටයුතු කළේය.

මේ අතර ශ්‍රී ලකාවට අන්තර් ජාතික කි‍්‍රකට් සභාවෙන් ලබාදෙන මුල්‍යාධාර අත්හිටුවීමක් සිදුවුවහොත් පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 16ක මුදලක් කෙරෙහි බලපෑමක් එල්ල වෙනු ඇතැයි කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

අන්තර් ජාතික කි‍්‍රකට් සභාව ශ්‍රී ලංකාවට එරෙහිව පවත්වන පරීක්‍ෂණයේදී කි‍්‍රකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් සාධාරණ හේතු දැක්වීමට  අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව එම සභාවේ තහනමට ලක්වීමේ අවදානමක් උද්ගත විය හැකි බව කි‍්‍රකට් තතු දන්නෝ පවසති.
එසේ වුවහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාව සහභාගිවන ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරගවලට සහභාගීවීමේ වාරණයක් පැනවෙනු ඇත.


අදහස් (2)

ක්‍රිකට් ආයතන කටයුතු අත්හිටුවීමට එරෙහිව පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.