Last Update  :  2025-10-20 15:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් නිලවරණය සති දෙකකින් කල් යයි

ක්‍රිකට් නිලවරණය සති දෙකකින් කල් යයි

Nisanka Sandeepani - 2019 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව ලබන පෙබරවාරි මස 7 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පෙබරවාරි මස 21 වැනිදා දක්වා කල්දමා තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙම කල්දැමීම සිදු කළ බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.  

නව ක්‍රීඩා රෙගුලාසිවල පවතින ව්‍යාකූල තත්ත්වය නිවැරදි කිරීමට මෙලෙස සති දෙකක කාලය ලබාගෙන ඇති බව වාර්තා වේ. මෙම කල්දැමීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැනුවත් කරන බවත් ක්‍රීඩා අමාත්‍යංශය වැඩි දුරටත් පවසයි. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට පෙබරවාරි මස 9 වැනිදා දක්වා පමණක් කාලය ලබාදී තිබේ.  

 


අදහස් (0)

ක්‍රිකට් නිලවරණය සති දෙකකින් කල් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.