අතිරේක කී‍්‍රඩකයන්ගේ ඇඳුම ඇඳ සිටින මයිකල් ක්ලාක් විසින් ඕස්ටේ‍්‍රලියානු පිලේ තාවකාලික නායක ජෝර්ජ් බේලිට සිසිල් පැන් ගෙන ගිය අවස්ථාවක්...
දිගින් දිගටම පැවැති පිටකොන්දේ ආබාධය නිසා ලෝක කුසලාන තරගාවලියට එක්විය නොහැකිව ළතැවෙමින් සිටින ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක්ගේ අවසන් බලාපොරොත්තුවත් සුළි සුළඟට හසුවී ගසාගෙන යාමේ අවදානමක් මතුවී තිබේ.
ඕස්ටේ‍්‍රලියාව සහ බංග්ලාදේශය අතර ලෝක කුසලාන තරගය ලබන සෙනසුරාදා (21 වැනිදා) බි‍්‍රස්බේන් නුවරදී පැවැත්වීමට නියමිතව ඇතත් එදින බි‍්‍රස්බේන් නුවරට සුළි සුළඟක් එන බව කාලගුණ වාර්තා කියයි. ඕස්ටේ‍්‍රලියානු කාලගුණ විශේෂඥයන් පවසන අන්දමට එදින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීමේ අවස්ථාව 80% ක් වන අතර බි‍්‍රස්බේන්හි ගැබා කී‍්‍රඩාංගණය අවට අහස අකුණු ගැසීම් වලින්ද සමන්විත වනු ඇත.
තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් දෙපිලටම ප‍්‍රසාද ලකුණක් බැගින් බෙදී යන අතර එය ශී‍්‍ර ලංකා පිලද පීඩනයට පත්කරවන්නකි.
කෙසේ වෙතත් මෙම තරගයට වර්ෂාවෙන් බාධා පැමිණෙතොත් එහි විශාලතම බලපෑම ඇතිවන්නේ ඕස්ටේ‍්‍රලියානු පිලේ නිත්‍ය නායක මයිකල් ක්ලාක්ටය.
මක්නිසාද යත් කාලගුණයේ පවතින අස්ථාවර භාවය නිසා ලෝක කුසලාන තරගාවලියට පිවිසීමට මයිකල් ක්ලාක්ට තවත් තරගයක් බලා සිටීමට සිදුවිය හැකි බැවිනි.
”දැන් නම් ඉතාමත් හොඳින් අව්ව පායලා තියෙනවා. ඒත් ඉදිරි දින කිහිපයේදී වැස්ස ඇතිවෙන්න පුළුවන්,
”තත්ත්වය වෙනස් වුණාම ඒ තරගය (බංග්ලාදේශ පිලට එරෙහිව) සඳහා වඩාත්ම හොඳ කණ්ඩායම මෙකක්ද කියලා අපට හිතන්න වෙනවා...වැසිබර කාලගුණික තත්ත්වයන් යටතේ ඒක වෙනස් වෙන්න පුළුවන්”
”අප කී‍්‍රඩා කරන ආකාරය වගේම තණතීරුවේ ස්වභාවය අනුවත් ඒක වෙනස් වෙන්න පුළුවන්” යයි ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු ඩැරන් ලීමන් මහතා පැවසීය.
ඕස්ටේ‍්‍රලියානු පිලේ පළමුවැනි ලෝක කුසලාන තරගයට මයිකල් ක්ලාක්ට කී‍්‍රඩා කළ නොහැකි විය. එංගලන්තයට එරෙහිව මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී පැවැති එම තරගයේදී ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 111 ක ජයක් අත්කරගත්තේය.
ක්ලාක් නැවතත් කණ්ඩායමට පැමිණෙන්නේ නම් වත්මන් නායකයා වන ජෝජ් බේලි කණ්ඩායමෙන් ඉවත්ව ඔහුගේ ස්ථානය ක්ලාක්ට පිරිනැමීමට නියමිතය.
එහෙත් යම් හෙයකින් දෙවැනි තරගයේදීත් මයිකල් ක්ලාක්ට කී‍්‍රඩා කළ නොහැකි වුවහොත් ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර මේ මස 28 වැනිදා නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරදී පැවැත්වෙන තරගය දක්වා බලා සිටීමට මයිකල් ක්ලාක්ට සිදුවනු ඇත.
ඩැරන් ලීමන් පවසන්නේ බි‍්‍රස්බේන් තරගයේදී කණ්ඩායමෙන් ඉවත් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව තේරීම් කමිටුව නිශ්චිත අදහසකින් සිටින බවත් බාහිර තොරතුරු මත එම තීරණ වෙනස් නොවන බවත්ය. ඇතැම් විචාරකයන් කියන්නේ එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී පළමු පන්දුවෙන්ම දැවී ගිය ෂේන් වොට්සන් කණ්ඩායමෙන් ඉවත් කළ යුතු බවයි.
”හැමෝම කියන් දේ අහනවා තමයි. ඒත් අවසානයේදී ගන්නා තීරණය වෙන්නේ ඒ තරගයට වඩාත්ම සුදුසු කුමක්ද කියන එකයි” යයිද ඩැරන් ලීමන් මහතා පැවසීය.
ඡායාරූපය : ගෙටී ඉමේෂ්/විස්ඩන් ශී‍්‍ර ලංකා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.