
මෙවර ප්‍රංශ පාපැදි සවාරියේ අටවැනි අදියර නිමාවට පත්වන විට සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට අවසන් වරට (2019 වසරේදී) එහි ශූරයා බවට පත් වූ ස්ලෝවේනියාවේ ටඩෙජ් පොගාකාර් සමත් විය. විසි දෙහැවිරිදි පොගාකාර් මෙවර සවාරියේ පෙරමුණට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර අද (4 වැනිදා) පැවැත්වෙන නමවැනි අදියරේදී ඔහු කහ පැහැති බැනියම ඇඳ තරග වදිනු ඇත.
මේ දක්වා පැවැති අදියර අට නිමා කිරීම සඳහා පොගාකාර්ට පැය 29 යි, විනාඩි 38 යි, තත්ත්පර 25 ක කාලයක් ගත වී ඇත. ඔහුට වඩා විනාඩි 1 යි, තත්ත්පර 48 ක් පසුපසින් සිටින බෙල්ජියමේ වවුට් වෑන් ඒර්ට් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවේ. පොගාකාර්ට වඩා විනාඩි 4 යි, තත්ත්පර 38 ක් පසුපසින් සිටින කසකස්තානයේ ඇලෙක්සි ලුට්සෙන්කෝ එහි තෙවැනි ස්ථානයේද රැදී සිටියි.
දෙවැනි අදියර ජයගනිමින් තරගයේ පෙරමුණට පැමිණි නෙදර්ලන්තයේ මැතිව් වැන්ඩර්පෝල්, එතැන් සිට හත්වැනි අදියර නිමාවන තෙක්ම සමස්ත තරගයේ පෙරමුණ රැකගෙන සිටියේය. කෙසේ වුවත් අටවැනි අදියර නිමාවන විට සමස්ත තරගයේ පළමු ස්ථාන 10 අතරටපැමිණීමට පවා ඔහුට නොහැකි විය.
මේ අතර ඊයේ (3 වැනිදා) නිමාවට පත්වූ අටවැනි අදියර ජය ගැනීමට බෙල්ජියමේ ඩිලන් ටියුන්ස් සමත් විය. ඔයොනාක්ස් නගරයේ සිට ලී ග්‍රෑන්ඩ් බෝර්නන්ඩ් නගරය දක්වා කිලෝ මීටර් 150.8 ක දුරකින් සමන්විත වූ එම අදියර ජය ගැනීම සඳහා ඔහුට පැය 3 යි, විනාඩි 54 යි, තත්ත්පර 41 ක කාලයක් ගතවිය. ටියුන්ස්‍ට වඩා තත්ත්පර 44 ක් පසුපසින් තරගය නිමා කළ ස්පාඤ්ඤයේ අයෝන් ඉසගිරේ අටවැනි අදියරේ දෙවැනි ස්ථාන හිමිකර ගත් අතර ටියුන්ස්‍ට තත්ත්පර 47 ක් පසුපසින් තරගය නිමා කළ කැනඩාවේ මයිකල් වුඩ්ස්ට එහි තෙවැනි ස්ථානය හිමිවිය. සමස්ත තරගයේ පෙරමුණ ගෙන සිටින පොගාකාර් මෙම අදියර නිමා කළේ ටියුන්ස්‍ට වඩා තත්ත්පර 49 ක් පසුපසින් සිටිමින් සිවුවැනියා ලෙසිනි.
අටවැනි අදියරේ ජයග්‍රාහකයෝ
1 ඩිලන් ටියුන්ස් (බෙල්ජියම) - පැය 3:54:41
2 අයෝන් ඉසගිරේ (ස්පාඤ්ඤය) - පැය 3:55:25
3 මයිකල් වුඩ්ස් (කැනඩාව) - පැය 3:55:28
4 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 3:55:30
5 වවුට් පෝල්ස් (නෙදර්ලන්තය) - පැය 3:57:14
6 සයිමන් යේට්ස් (බ්‍රිතාන්‍යය) - පැය 3:57:24
7 ඕරෙලියන් පරෙට් (ප්‍රංශය) - පැය 3:57:44
8 ගයිලූම් මාටින් (ප්‍රංශය) - පැය 3:57:44
9 මාටියා කැටෙනියෝ (ඉතාලිය) - පැය 3:58:48
10 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - පැය 3:58:50
සමස්ත තරගයේ ඉදිරියෙන් සිටින්නෝ
1 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 29:38:25
2 වවුට් වෑන්අර්ට් (බෙල්ජියම) - පැය 29:40:13
3 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) - පැය 29:43:03
4 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) - පැය 29:43:11
5 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - පැය 29:43:25
6 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 29:43:26
7 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 29:43:38
8 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 29:43:40
9 ඩේවිඩ් ගවුඩු (ප්‍රංශය) - පැය 29:44:17
10 පෙලෝ බිල්බාවෝ (ස්පාඤ්ඤය) - පැය 29:45:06


-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.