Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කමිඳු සිවුවැනි ශතකය පෙනි පෙනී දැවී යයි
නැෂනල් සුපර් ලීග් - 2022

කමිඳු සිවුවැනි ශතකය පෙනි පෙනී දැවී යයි

editorial - 2022 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 8 වැනි තරගයේ දෙවැනි දිනය වූ අද (18 වැනිදා) සවස ක්‍රීඩාව නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි දඹුල්ල ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 77 ක් ලබා සිටියහ.

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට නායක මිනෝද් භානුක හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 37 ක්ද, අෂාන් ප්‍රියන්ජන් හතරේ පහරක් සමග නොදැවී ලකුණු 19 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව දඹුල්ල ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 58 කි.

මුලු ලකුණු සංඛ්‍යාව 19 ක් වන විට දඹුල්ල කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම අපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට අසිත ප්‍රනාන්දු සහ අෂීන් ඩැනියෙල් සමත් වූහ. මන්දාලෝක තත්ත්වය හේතුවෙන් තේ පානය නිමා වී 18 වැනි ඕවරය ක්‍රියාත්මක වන විට තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.

පළමු දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 297 ක් ලබා සිටි මහනුවර ක්‍රීඩකයෝ, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 149 ක් එක්කර ගත්හ. පළමු දිනය අවසානයේ ලකුණු 51 ක් ලබා කඩුල්ලේ රැදී සිටි නායක කමිඳු මෙන්ඩිස් (94) අද දිනයේදී ශතකය පෙනි පෙනී සිටියදී මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ පවන්ත වීරසිංහ අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

ළහිරු උදාර (83) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 151 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද කමිඳු සමත් විය.

මෙම තරගාවලියේ තරග 4 ක ඉනිම 7 ක් ක්‍රීඩා කර ඇති කමිඳු, එහිදී ශතක 3 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 561 කි. එහි සාමාන්‍ය 80.14 ක අගයක් ගනී. ඔහුට සිවුවැනි ශතකය අහිමි වූයේ ලකුණු 6 කිනි.


මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 446
(කමිල් මිෂාර 74, ලසිත් කෘස්පුල්ලේ 43, ඕෂධ ප්‍රනාන්දු 97, කමිඳු මෙන්ඩිස් 94, ළහිරු උදාර 83, අසිත ප්‍රනාන්දු 17, මාලින්ද පුෂ්පකුමාර 120/7)

දඹුල්ල පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 77
(අෂාන් ප්‍රියන්ජන් නොදැවී 19, මිනෝද් භානුක නොදැවී 37, අසිත් ප්‍රනාන්දු 25/2)

 


අදහස් (0)

කමිඳු සිවුවැනි ශතකය පෙනි පෙනී දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.