Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
---------------------------
(රොෂාන් ගුණරත්න)
---------------------------
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ වන විට පුරුදු වී සිටින “එල්ලී සිටීමේ” ආකල්පයෙන් නිදහස් වන ලෙසත් කණ්ඩායමේ පවතින “ස්ථානය රැකගැනීමේ” සංස්කෘතිය අවසන් කරන ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්‍ෂකවරයා ලෙසින් පත්කරන ලද ටොම් මූඩි මහතා ඉල්ලා සිටී. මීළඟ ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම “අල්ලලා හොල්ලනවා” යයිද මූඩි මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ පුවත් පත් සාකච්ඡාවකදී ටොම් මූඩි මහතා එසේ පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ මුහුණ දී සිටින දුර්වල තත්ත්වයෙන් මුදවා ඉහළට එසවීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙස පසුගිය මාසයේදී ටොම් මූඩි මහතා පත්කරන ලදි. මේ වන විට 55 හැවිරිදි වියේ පසුවන ටොම් මූඩි මහතා කියා සිටියේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්කෘතියේ ප්‍රබල වෙනසක් කරන බවයි.
මූඩි මහතා වැඩිදුරටත් කියා සිටියේ තම නිරීක්ෂණයේදී පෙනී ගියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අමතර උත්සාහයක් නොගෙන “එල්ලී සිටීමේ ආකල්පයෙන්” සිටින බවත් ඔවුන් “තමන්ගේ තැන රැකගැනීමට” උත්සාහ කරනවා විනා ඊට වැඩි දෙයක් නොකරන බවත්ය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රජාව තුළ (ක්‍රීඩකයන්) තම තමන්ම දියුණුවට පත්වන පරිසරයක් අපි නිර්මාණය කළ යුතුයි. ඒක කොහොමටවත් ‘එල්ලී සිටීමක්’ නැත්නම් තමන්ගේ ‘තැන රැකගැනීමක්’ වෙන්නේ නෑ....” යයිද මූඩි මහතා පැවසීය.
“මගේ ක්‍රමය වෙන්නේ මේ ක්ෂේත්‍රය තුළම ඔවුන්ට වර්ධනය වීමට සහ නැඟීසිටීමට දිරි දීමයි. ඔවුන්ට සහාය වීම සහ ඔවුන්ට මග පෙන්වීමයි” යයිද මූඩි මහතා පැවසීය.
ටොම් මූඩි මහතා වසර 2005 සිට 2007 දක්වා වසර දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය. ඔහු සිය ධූරකාලය අවසන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය කරා කැඳවාගෙන යමිනි.
මූඩි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව අධ්‍යක්ෂවරයා වශයෙන් තෝරා ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් මෙන්ම විදේශයන්හිදීත් ක්‍රිකට් පුහුණුකරුවකු මෙන්ම අධ්‍යක්‍ෂකවරයකු ලෙසින් ලබා සිටින අත්දැකීම් හේතුවෙන් බව අරවින්ද ද සිල්වා මහතා පැවසීය.
මූඩි මහතාගේ කොන්ත්‍රාත්තුව වසර 3 ක් වන අතර එය 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඔබ්බට ද යන්නකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු (1991- 1992) මෙන්ම වර්තමාන තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පැවසුවේ තමන් (කමිටුව) ක්‍රීඩකයන්ගේ විනය මෙන්ම ශාරීරික යෝග්‍යතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බවයි.
“ඇතැම් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් යම් යම් සම්මුතීන් තියෙනවා කියලත් අපට පේනවා. ඒත් අලුත් ප්‍රමිතීන්ට අනුකූල නොවන ඕනෑම අයෙකු තෝරා ගැනීම සඳහා සලකා බැලෙන්නේ නෑ” යයිද අරවින්ද ද සිල්වා මහතා අවධාරණයෙන් පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩාවේ උසස්ම පන්තිය වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත රටවල් සංඛ්‍යාව 12 කි. එහෙත් සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්ථානය මේ වන විට අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරට ඇතුළත්ව නැත. අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරට ඇතුළත් කණ්ඩායම් 9 අතුරින් ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 7 වැනි ස්ථානයයි.
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකාව සහභාගි වූ විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස පරාජය වූ අතර එක්දින තරගාවලිය 3-0 ක් ලෙසත් පරාජය විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.