ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම ඉතාමත් නුදුරේදීම පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා සහභාගි කරවන බව ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාකිස්තානයේ ප‍්‍රතිසංස්කරණ, සැලසුම් සහ සංවර්ධන අමාත්‍යවරයා වන මහාචාර්ය අසාන් ඉක්බාල් මහතාට පොරොන්දු වූයේ යයි ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය වාර්තා කරයි.
මහාචාර්ය අසාන් ඉක්බාල් මහතා සහ ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා අතර පසුගියදා (4 වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ හමුවකදී මෙසේ පොරොන්දු වූ බව පැවසේ. පාකිස්තානු අගමැති මොහොමඞ් නවාස් ෂෙරීෆ් මහතාගේ විශේෂ නියෝජිතයකු වශයෙන් මහාචාර්ය අසාන් ඉක්බාල් මහතා පසුගියදා ශී‍්‍ර ලංකාවට පැමිණියේය.
මහාචාර්ය අසාන් ඉක්බාල් මහතා සහ ජනාධිපතිවරයා අතර පැවැති විශේෂ සාකච්ඡවේදී දෙරට අතර කී‍්‍රඩා සම්බන්ධතා නැවතත් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පාකිස්තානු ඇමතිවරයාගේ යෝජනාව පිළිගනිමින් ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන කි‍්‍රකට් සම්බන්ධතා නැවතත් ආරම්භ කිරීම සඳහා කි‍්‍රකට් කණ්ඩායම එරටට යැවීමට ජනාධිපතිවරයා එකග වී තිබේ.
වසර 2009 දී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් අනතුරුව මෙතෙක් කලක් පාකිස්තානයේ අන්තර්ජාතික කි‍්‍රකට් තරග පවත්වා නැත.
වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක්ද පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතය තිබුණ නමුත් පසුව එම ලෝක කුසලාන තරගද පාකිස්තානයෙන් ඉවත් කර ගැනීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කළේය. පසුව එම තරග කිහිපයක් ශී‍්‍ර ලංකාවේදී සහ බංග්ලාදේශයේදී පැවැත්විණ.
වසර 2009 සිට පාකිස්තානය සත්කාරකත්වය දරන කි‍්‍රකට් තරගාවලි පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායි සහ සාජා නුවරදීය. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර මේ වසර අගදී පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ විස්සයි/20 තරගාවලිය පැවැත්වෙන්නේද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාකිස්තානයේ ප‍්‍රතිසංස්කරණ, සැලසුම් සහ සංවර්ධන අමාත්‍යවරයා වන මහාචාර්ය අසාන් ඉක්බාල් මහතාව අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාව
(ඡයාරූපය : ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.