Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කිත්රුවන්ට වසරක අත්හිටවූ තහනමක්

කිත්රුවන්ට වසරක අත්හිටවූ තහනමක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

පාකිස්තානයට එරෙහිව පසුගිය මාසයේ ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගය අතරතුරදී විනය විරෝධීව හැසිරුණු බවට චොද්නා එල්ල ලද කිත්රුවන් විතානගේ වසරක පරිවාස කාලයකට යටත් කරමින් එම ටෙස්ට් තරගය සඳහා ඔහුගේ තරග මුදල සම්පූර්ණයෙන් කපා හැරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව අද (15) තීරණය කළේය.

මේ මස 15 වැනිදා සිට වසරක කාලයක් දක්වා කිසියම් විනය විරෝධී ක‍්‍රියාවකට කිත්රුවන් විතානගේ වරදකරු වුවහොත් ඔහුට ක‍්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රකාශයෙක් ‘ලංකාදීප’ට පැවසීය.

ගාල්ල ටෙස්ට් තරගය අතරතුරදී කළමණාකරුගේ අවසරයකින් තොරව කී‍්‍රඩකයන් නවාතැන් ගත් හෝටලයෙන් පිටවයාම සම්බන්ධයෙන් පාලිත කුමාරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පස් දෙනකුගෙන් යුත් විනය කමිටුව විසින් පවත්වන ලද පරීක්‍ෂණයකදී කිත්රුවන් වරදකරු බවට තීරණය කර තිබූ බව වාර්තා වේ.

තවමත් 23 වැනි වියේ පසු වන වමත් පිතිකරු කිත්රුවන් ටෙස්ට් සහ එක්දින තරග හය බැගින් ක‍්‍රීඩා කර තිබේ. ඔහු ටෙස්ට් ශතකයක් සහ අර්ධ ශතකයක් රැස් කිරීමට ද සමත්ව තිබේ.  

 


අදහස් (6)

කිත්රුවන්ට වසරක අත්හිටවූ තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.