Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිසරදයක් විය හැකි පිතිකරුවන් වන ජෝ රූට් සහ ඩේවිඩ් මලාන් කෙටි වේලාවක් තුළදී පිටියෙන් ඉවත් කරගත් ඕස්ටේ‍්‍රලියානුවෝ එංගලන්තයේ කඩාවැටීමකට මග පාදාගත්තෝය. ඇඩිලේඩ් නුවරදී පැවැත්වෙන දෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) රාතී‍්‍ර 8.40 වන විට එංගලන්ත කණ්ඩායම ලකුණු 236 කට දැවී ගියේ ඕස්ටේ‍්‍රලියානුවන්ට ලකුණු 237 ක මුල් ඉනිමේ වාසියක් ඉතිරි කරමිනි.
පිට පිටම දෙවැනි වතාවටත් එංගලන්ත පිතිකරුවන් පිටියට යැවීමේ අවස්ථාව තිබූ නමුත් ඇඩිලේඞ් තණතීරුවේ පිතිකරුවන්ට යෝගය තත්ත්වයෙන් තවදුරටත් ප‍්‍රයෝජන ගැනීමට අදහස් කළ ඕස්ටේ‍්‍රලියානුවෝ යළිත් පන්දුවට පහරදීම තෝරා ගත්හ. තුන්වැනි දිනය අවසන් වන විට ඕස්ටේ‍්‍රලියානු පිල සිය දෙවැනි ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 45 ක් ලබා සිටියේය.
මුල් ඉනිමේදී ලබාගත් වාසියත් සමගින් ඕස්ටේ‍්‍රලියානු පිල, ඇඩිලේඞ් ටෙස්ට් තරගයේදී, ලකුණු 282 ක් ඉදිරියෙන් සිටී. ඬේවිඞ් වෝනර් දුවද්දී දැවී ගිය අතර මුරකරු පිතිකරුවා වන මයිකල් නේසර් (නොදැවී 02) සහ මාකස් හැරිස් (නොදැවී 21) පිටියේ සිටිති.
තේ පානය සඳහා රාතී‍්‍ර 7.10 ට කී‍්‍රඩාව නතර කරන විට එංගලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 197 ක් ලබා සිටියේය. එහෙත් බෙන් ස්ටෝක් හැරෙන්නට සෙසු එංගලන්ත පිතිකරුවන්ට කළ හැකි දෙයක් නොවීය.
නේතන් ලයන් හමුවේ ඉතාමත් ආරක්‍ෂාකාරී පිතිහරඹයක යෙදෙමින් සිටි බෙන් ස්ටෝක්ස් තේ පානය වන විට පන්දු 71 කට මුහුණ දෙමින් ලබා සිටියේ ලකුණු 12 ක් පමණි. ලයන් හමුවේ තම පිත්ත සඟවා ගනිමින්, කඩුල්ල ආරක්‍ෂා කරගත් වමත්කාරයා, ලකුණු රැස්කිරීමේ වගකීම කි‍්‍රස් වෝක්ස්ට (24) පවරා තම කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් සිටියේ දුර්වල පන්දු තෝරා බේරා ගනිමිනි.
අද සවස්වරුවේ තරගය ආරම්භ වීමෙන් පසුව, පළමු විවේකය දක්වාම සිය කඩුලූ රැකගත් ඩේවිඩ් මලාන් (80) සහ ජෝ රූට් (62) දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138 ක් එක් කරමින් එංගලන්තයට බලාපොරොත්තු ගොනුකර දුන්හ. ඕස්ටේ‍්‍රලියානුවන් සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 473 ට පිළිතුරු සොයා යමින් සිටි එංගලන්තය, නායකයා වන රූට් සහ මලාන් පිටියේ සිටියදී සැනසුම් සුසුම් හෙළමින් සිටියද ඔවුන් දෙදෙනා දැවී යාමෙන් පසුව ආයෙත් අමාරුවේ වැටුණහ.
බෙන් ස්ටෝක්ස් පමණක් ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් හමුවේ හිස කෙළින් තබාගෙන සිටියද ඔලී පෝප් (05), ජොස් බට්ලර් (0), කි‍්‍රස් වෝක්ස් (24) සහ ඔලී රොබින්සන් (0) ඉක්මනින් දැවී ගියහ. ඒ හේතුවෙන් වරෙක කඩුලූ 2 කට ලකුණු 150 ක් ව තිබූ එංගලන්ත ලකුණු පුවරුව, ඕවර 30 ක් ඇතුළත කඩුලූ 8 ක් දැවී 204 ක් ලෙසින් සටහන් විය.
නේතන් ලයන් හමුවේ පිත්ත හංගාගෙන සිටි බෙන් ස්ටෝක්ස්, සිය වේග පන්දු සහායකයා වන ස්ටුවර්ට් බ්‍රෝඩ් පිටියට පැමිණීමත් සමගින් කි‍්‍රයාකාරී විය.
නිරන්තරයෙන් බ්‍රෝඞ්ව පන්දු යවන්නාගේ අන්තයට තල්ලූ කළ ස්ටෝක්ස් තනිවම පන්දු යවන්නන්ට මුහුණ දුන්නේය. නේතන් ලයන්ගේ එක ඕවරයකදී හයේ පහරක් සහ හතරේ පහරක් ද ගැසූ ස්ටෝක්ස් අවසන් පන්දුවේදී ලකුණක් ලබාගනිමින් අනෙක් අන්තයට දිව ගියේය.
කැමරන් ගී‍්‍රන් යැවූ ඊළඟ ඕවරයේදීත් හැකි ඉක්මනින් ලකුණු ලබාගැනීමට උනන්දු වූ එංගලන්තයේ සුපිරි තරුව, බැක් කට් පහරක් ගැසීමට යාමේදී පන්දුව කඩුල්ල වෙත ඇදගත්තේය. පන්දු 98 කට පසුව ස්ටෝක්ස් දැවී යන විට ඔහුගේ නම ඉදිරියෙන් ලකුණු 34 ක් සටහන් වී තිබිණ.
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 9 ට 473 යි
(ඩේවිඩ් වෝනර් 95, මානස් ලැබුෂේන් 103, ස්ටීවන් ස්මිත් 93, ට‍්‍රැවිස් හෙඩ් 18, ඇලෙක්ස් කේරි 51, මිචෙල් ස්ටාක් නොදැවී 39, මයිකල් නේසර් 35, ජේම්ස් ඇන්ඩසන් 58/2, බෙන් ස්ටෝක්ස් 113/3)
එංගලන්තය - පළමු ඉනිම සියලූ දෙනා දැවී 236 යි
(ඬේවිඞ් මලාන් 80, ජෝ රූට් 62, බෙන් ස්ටෝක්ස් 34, කි‍්‍රස් වෝක්ස් 24, මිචෙල් ස්ටාක් 37/4, නේතන් ලයන් 58/3, කැමරන් ගී‍්‍රන් 24/2)
ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම
(ඩේවිඩ් වෝනර් 13, මාකස් හැරිස් නොදැවී 21)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.