Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියානුවෝ වාසිදායක තැනක
අළු බඳුන

ඕස්ටේ‍්‍රලියානුවෝ වාසිදායක තැනක

editorial - 2021 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශතකය පෙනි පෙනී දැවී ගිය ඩේවිඩ් වෝනර් (95) සහ ශතකය ආසන්නයටම පැමිණ සිටින මානස් ලැබුෂේන් (නොදැවී 95) දෙදෙනාගේ පිතිහරඹය නිසා ඇඩිලේඞ්  ඕවල් පිටියේදී පැවැත්වෙන දෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට  ඕස්ටේ‍්‍රලියානුවෝ වාසිදායක තැනකට පිවිස සිටිති.  දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගයක් වන මෙම තරගයේ පළමු දිනය වන අද (16 වැනිදා) රාතී‍්‍ර 10.00 ට පමණ කී‍්‍රඩාව නතර කරන විට  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියේය.

මානස් ලැබුෂේන් (නොදැවී 95) සහ නායක ස්ටීවන් ස්මිත් (18) පිටියේ රැුඳී සිටි පිතිකරුවෝ වූහ. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලූ සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් වන ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ ජේම්ස් ඇන්ඩසන් දෙදෙනාම කණ්ඩායමට එක්ව සිටියද,  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ තරගයේ ග‍්‍රහණය තමන්වෙත රඳවාගෙන සිටියහ.

ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් කණ්ඩායම සඳහා මෑතකදී පත්කරන ලද නායක පැට් කමින්ස් ඊයේ රාතී‍්‍ර භෝජනයට ගිය අවස්ථාවේදී කොරෝනා ආසාදිතයකු වාඩිවී සිටි මේසයක් අසළ ආහාර ගනිමින් සිටි බැවින් ඔහු මෙම තරගයෙන් ඉවත් කර තිබේ. ඒ වෙනුවට ස්ටීවන් ස්මිත් මෙම තරගයේදී නායකත්වය දරයි.

පළමු ටෙස්ට් තරගයේදී බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් ඉළඇට පෙදෙසට වැදීම හේතුවෙන් සීරීම් මෙන්ම ඉදිමීම් වලට මුහුණ දී සිටි වමත් ආරම්භක පිතිකරුවා දැවී යාමට පෙර  ඕස්ටේ‍්‍රලියානු පිල කඩුල්ලක් දැවී ලකුණු 176 ක් ලබා සිටියේය.

විනාඩි 30 ක පමණ කාලයක් තුළදී ආරම්භක පිතිකරුවා වූ මාකස් හැරිස් දැවී ගියේය. එතැන් සිට මානස් ලැබුෂේන් සමග එක්ව, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 172 ක් එක්කළ වමත්කාරයා, පන්දු 167 කට මුහුණ දෙමින් ඒවායින් 11 ක් හතරේ සීමාවට යැවීය. තරගයේ දෙවැනි විවේකය වන විට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 129 ක් ලබා සිටියේය. කෙසේ වෙතත් සිය 25 වැනි ටෙස්ට් ශතකය අහිමි කරගත් වෝනර්, ලකුණු රැුස්කිරීමේ උද්යෝගය හේතුවෙන්ම, පිට පිටම දෙවැනි වතාවටත් ලකුණු 90 න් පසුව දැවී ගියේය.

වෝනර්ට අත්වූ ඉරණමම මානස් ලැබුෂේන්ටත් අත්විය හැකිව තිබූ නමුත්, ලැබුෂේන් ලකුණු 95 ක් ලබා සිටියදී ඉතාම පහසු උඩපන්දුවක් ජොස් බට්ලර්ගේ දෑතින් ගිළිහී ගියේය. දිනය පුරාම වාගේ, පන්දු 275 කට මුහුණ දුන් ලැබුෂේන් හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් තිබිණ.

කාසියේ වාසිය දිනාගත් ස්ටීවන් ස්මිත් කිසිම පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තේ දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරග වලදී පන්දුවේ දෝලනය ගැන හොඳින්ම දන්නා බැවිනි. ඒ හේතුවෙන්ම මෙම තරගය සඳහා වේග පන්දු යවන්නන් පමණක් කැඳවීමට එංගලන්ත තේරීම් කමිටුව තීරණය කළද වෝනර් දවාගැනීමට ගත් උත්සාහයන් දෙකකදී එංගලන්තයේ විතීවි අවස්ථා දෙකක්ම අපතේ ගියේය.

දිනයේ මුල් අඩහෝරාවේදී එංගලන්ත පන්දු යවන්නෝ තරගයේ පාලනය සියතට ගෙන සිටියහ. ජොස් බට්ලර්ගේ සුවිශේෂී උඩපන්දු රැුකීමක් හමුවේ ආරම්භක පිතිකරු මාකස් හැරිස් දැවී ගිය අතර පළමු  ඕවර 10 දීම  ඕස්ටේ‍්‍රලියානු පිලට එක්වූයේ ලකුණු 11 ක් පමණි. එහෙත් ලැබුෂේන් පිටියට පිවිසීමෙන් පසුව තත්ත්වය වෙනස් විය.

තරගය නැරඹීම සඳහා 32,000 කට වැඩි පිරිසක් ඇඩිලේඞ්  ඕවල් පිටියට රැුස්ව සිටියහ.


 ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 2 ට 221 යි
(ඩේවිඩ් වෝනර් 95, මානස් ලැබුෂේන් නොදැවී 95, ස්ටීවන් ස්මිත් නොදැවී 18)

- 213

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානුවෝ වාසිදායක තැනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.