Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියානු ගමනට කොරෝනා තර්ජන
අළු බඳුන

ඕස්ටේ‍්‍රලියානු ගමනට කොරෝනා තර්ජන

editorial - 2021 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළු බඳුන තරගාවලියේ  ඕස්ටේ‍්‍රලියානුවන් මෙතෙක් පැමිණි සාර්ථක ගමනට අභියෝග කළ කොරෝනා වයිරසය, ජ්‍යේඨ පිතිකරු ට‍්‍රැවිස් හෙඞ්ගේ සිරුරට රිංගාගෙන තිබේ. මේ හේතුවෙන් ලබන සතියේදී, සිඞ්නි නුවරදී ආරම්භ වීමට නියමිත සිව්වැනි අළු බඳුන තරගයෙන් ඉවත්ව සිටීමට ට‍්‍රැවිස් හෙඞ්ට සිදුවී ඇත.

ඕස්ටේ‍්‍රලියානු පිතිකරු ලයිස්තුවේ අංක 5 ස්ථානයේ කී‍්‍රඩා කරන ට‍්‍රැවිස් හෙඞ්, බි‍්‍රස්බේන් නුවරදී පැවැති පළමු තරගයේදී අගනා ලකුණු 152 ක් ලබාගත්තේය.

එහෙත් කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන්, සිව්වැනි තරගය සඳහා සිඞ්නි නුවරට නොයා, දින 7 ක කාලයක් මෙල්බර්න් නුවරදී හුදෙකළා වීමට ට‍්‍රැවිස්ට සිදුවී තිබේ.

”වාසනාවට වගේ මේ වෙලාවේ ට‍්‍රැවිස් රෝග ලක්‍ෂණ වලින් තොරවයි සිටින්නේ. ඒ නිසා හොබාර්ට්හිදී පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන්න ඔහුට අවස්ථාව ලැබේවි කියලා අපි හිතනවා” යයි  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනය නිවේදනයකින් කියයි.

කෙසේ වෙතත්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ අනෙකුත් කී‍්‍රඩකයන් ට‍්‍රැවිස්ගේ ඇසුරට වැටුණේද යන්න තවමත් පැහැදිළි නැත.

ට‍්‍රැවිස්ගේ ස්ථානය පිරවීම සඳහා මිචෙල් මාෂ්, නික් මැඩින්සන් සහ ජොෂ් ඉංග්ලිෂ්  ඕස්ටේ‍්‍රලියානු සංචිතයට කැඳවා සිිටිති. කෙසේ වෙතත් ට‍්‍රැවිස් හෙඞ්ගේ ස්ථානය වඩාත් පළපුරුදු කී‍්‍රඩකයකු වන උස්මන් කවාජාට හිමිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එංගලන්ත පිලේ ප‍්‍රධාන පුහුණුකරු කි‍්‍රස් සිල්වර්වුඞ් මහතාගේ පවුලේ අයකු කොරෝනා වයිරසයට හසුවීම හේතුවෙන් සිල්වර්වුඞ් මහතාටද සිඞ්නි ටෙස්ට් තරගය අහිමි වී තිබේ.

සංචාරක එංගලන්ත කණ්ඩායමේ හත් දෙනෙක් මේ වන විටත් කොරෝනා වයිරසයට ගොදුරු වී සිටිති. සහාය කාර්ය මණ්ඩලයේ තිදෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ 4 දෙනෙක් ඒ අතර සිටිති. එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ජොන් ලූවිස්, දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ජීතන් පතෙල් සහ ශක්තිවර්ධන අංශ ප‍්‍රධානී ඩැරන් වෙනස් මේ වන විටත් හුදෙකළාවේ සිටිති.


- 213

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානු ගමනට කොරෝනා තර්ජන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.