Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ වාර්තාගත ජයක් ලබති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඕස්ට්‍රේලියානුවෝ වාර්තාගත ජයක් ලබති

editorial - 2023 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඩේවිඩ් වෝනර්ගේ සහ ග්ලේන් මැක්‍ස්වෙල්ගේ විශිෂ්ඨ පිතිහරඹයන්  හමුවේ නෙදර්ලන්තයට එරෙහිව දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රී‍ඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයෙන් ලකුණු 309 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. මෙය ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයකින් ජයගත් තරගය ලෙසද වාර්තා අතරට එක් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 400 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමට ඕවර 21 ක් අවසාන‍යේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇඩම් සම්පා ඕවර 3 ක් යවා ලකුණු 8 කට කඩුුලු 4 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවෝ, ඕවර 50 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 399 ක් ලබාගත්හ. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ මැක්ස්වෙල් පන්දු 44 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 106 ක් රැස්කළේය. එහිදී පන්දු 40 කින් ඔහු ශතකය සම්පූර්ණ කළ අතර එය එක්දින ලෝක කුසලාන තරගයකදී පිතිකරුවක් ලබාගත් වේගවත්ම ශතකය විය.

ඕස්ට්‍රේලියානු ඉනි‍මේ 42 වැනි ඕවරයේදී 6 වැනි කඩුල්ල බිඳවැටුණ අතර එතැන් පටන් නායක පැට් කමින්ස් (නොදැවී 12) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මැක්ස්වෙල් සමත් විය. මෙම තරගයේදී බස් ඩි’ලීඩ්ගේ ඕවර 10 තුළ ලකුණු 115 ක් රැස්කිරීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සමත් වූ අතර එය එක්දින තරගයකදී පන්දු යවන්නකු ප්‍රතිවාදී කණ්ඩායමට ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාවද විය.

ඕස්ටේලියානු කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාදුන්‍‍ඩේවිඩ් වෝනර් පන්දු 93 කින් ලකුණු 104 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි. එය ඔහු‍ගේ 22 වැනි එක්දින ශතකය විය. ස්ටීවන් ස්මිත් (71) සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 132 ක් එක්කළ වෝනර්, ඉන් නොනැවතී මානස් ලැබුෂේන් (62) සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 84 ක්ද එක්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

 

ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 399
(ඩේවිඩ් වෝනර් 104, ස්ටීවන් ස්මිත් 71, මානස් ලැබුෂේන් 62, ග්ලේන් මැක්ස්වෙල් 106, ලෝගන් වැන් බීක් 74/2, බස් ඩි’ලීඩ් 115/2)

නෙදර්ලන්තය - ඕවර 21 කදී සියලු දෙනා දැවී 90
(වික්‍රම්ජීත් සිං 25, තේජා නිදමනුරු 14, ඇඩම් සම්පා 08/4, මිචෙල් මාෂ් 19/2)

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ වාර්තාගත ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.