Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඔක් 02 වැනිදා (සිඩ්නි) - රොයිටර්
![]() |
ඕස්ට්‍රේලියානු වොලබිලා පූමාස්ලාට රිදවති |
නිදහස් කුසලාන නවසීලන්තයට |
විඟර් ක්‍රීඩක ඇන්ඩෲ කෙලාවේගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් කිසිදු අපහසුතාවකින් තොරවම ආර්ජන්ටිනාවේ පූමාස්ලාව ලකුණු 32-17 කින් පරාජය කරන ලදි. ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී අද (02 වැනිදා) පැවැති මෙම තරගයත් සමගින් ආර්ජන්ටිනාවේ තරගාවලිය අවසන් විය.
අද තරගයේදී ලබාගත් අතිරේක ප්‍රසාද ලකුණ හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 2 වැනි ස්ථානය වෙන්කර ගත්තේය. එහෙත් දකුණු අර්ධගෝලයේ ප්‍රබලතම කණ්ඩායම් 4 අතර පැවැත්වෙන නිදහස් කුසලාන රග්බි ශූරතාවලිය නිමා වීමට සතියක් ඉතිරිව තිබියදීම නවසීලන්ත කණ්ඩායම විසින් එහි ශූරතාව දිනාගනු ලැබ තිබිණ.
කෙලාවේ අද ලබාගත් උත්සාහක දිනුම් 3 ත් සමගින් මෙම තරගාවලියේදී ලබාගත් උත්සාහක දිනුම් සංඛ්‍යාව 8 ක් දක්වා ඉදිරියට ගෙන ගියේය. ෆොලාව් ෆියැන්ගා සහ සාමු කෙරේවි දෙදෙනා ලබාගත් උත්සාහක දිනුම් ද සමගින් දකුණු අර්ධගෝලීය තරගාවලියේ පිට පිටම තරග 4 කදී ජයග්‍රහණ 4 ක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු ‘වොලබිලා’ සමත් වූහ.
ආර්ජන්ටිනාවේ අතිරේක ක්‍රීඩක තෝමස් ගැලෝ උත්සාහක දිනුම් දෙකක් ලබාගත් නමුත් එයින් ඇතිවූ සහනයක් නම් නොවීය. මෙම තරගාවලියේ තරග 6 කට සහභාගි වූ ‘පූමාස්’ ලාට එකම තරගයකින් හෝ ජයගත නොහැකි විය.
නවසීලන්තය හමුවේ පිට පිටම තරග 3 ක් පරාජය වී සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද තරගයේදී ක්‍රීඩා කළ විලාසය සම්බන්ධයෙන් වොලබි නායක මයිකල් හූපර් මහත් සතුටට පත්ව සිටියේය.
තරගයේ 10 වැනි විනාඩියේදීම දඬුවම් පහරක් සාර්ථක කරගත් කොඞ් කූපර්ගේ 3-0 ක් ලෙසින් ඕස්ට්‍රේලියාව ඉදිරියට ගෙන ගියේය. පසුව ඇන්ඩෲ කෙලාවේගේ උත්සාහක දිනුම් දෙකක් ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කළ කූපර්ගේ පාදයෙන් වොලබිලාට ලැබුණු ලකුණු සංඛ්‍යාව 7 කි.
විවේකය ආරම්භ වීමට විනාඩි 3 ක් තිබියදී දඬුවම් පහරක් සාර්ථක කරගත් ආර්ජන්ටිනාවේ එමිලියානෝ බොෆෙලි, ලකුණු පරතරය තරමක් අඩුකරගත් නමුත් තරගයේ පළමු අර්ධය නිමාවේදී 15-3 ක් ලෙසින් ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටියේය. එහෙත් විවේකයෙන් පසුව තරගය එහෙම පිටින්ම වොලබිලාගේ අණසකට යටත්වී පැවතිණ.
අද තරගයේදී ක්‍රීඩා කළ ආර්ජන්ටිනා කණ්ඩායමට සංචිතයේ සිටි ක්‍රීඩකයන් 6 දෙනකුගේ සේවය අහිමි වී තිබිණ. ඊට හේතුව වූයේ ඔවුන් කොවිඞ් මර්ධන රෙගුලාසි උල්ලංඝණය කිරීමයි. එහෙත් දුර්වල වූ කණ්ඩායමක් සමගින්, අවසන් මොහොත දක්වාම සටන් වැදුණු ‘පූමාස්’ලා වෙනුවෙන් තෝමස් ගැලෝ ධෛර්යවත් සහයෝගයක් දුන්නේය.
“අපි විනාඩි 80 පුරාම හොඳ සටනක් කළා. ඒක මදි. ඒත් අපේ රටේදී තරග කරන්න ආසයි.... අවුරුදු දෙකකට පස්සේ අපේ රටේදි බලාගමු” යයි මාස දෙකක් තිස්සේ ඕස්ටේ්‍රලියාවේ සිටින ‘පූමාස්’ නායක ජූලියන් මොන්ටෝයා පැවසීය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.