Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියෙන් මරේ ඉවත්වෙයි

ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියෙන් මරේ ඉවත්වෙයි

Nisanka Sandeepani - 2018 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාලයක් තිස්සේ උකුලු ඇටයේ ආබාධයකින් පීඩා විඳිමින් සිටි ලෝක ටෙනිස් පිටියේ හිටපු නොම්මර එකේ ක්‍රීඩක මහ බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේට තම ආබාධය සුව කරගැනීමට නොහැකිවීම නිසා  ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබේ. 
 
නව වසරේ පළමු වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලිය වන ඕස්ට්‍රේලියානු  විවෘත ටෙනිස් ශූරතාවලියට ක්‍රීඩා කිරීමේ ආසාවෙන් පසුවූ ලෝක ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මරේ ද කෙනෙකි. එහෙත් තම ආබාධය නිසාම මේ ශූරතාවලියට පූර්ව පුහුණුවීමක් ලෙස පැවැත්වෙන බ්‍රිස්බේන් ජාත්‍යන්තර තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කළ මරේට ඊට දින දෙකකට පසුව මේ වේදනාකාරී තීරණයට එළැඹීමට සිදුවී තිබිණි. 
 
‘මෙවර ශූරතාවලියට ක්‍රීඩා කරන්න නොලැබීම කනගාටුදායක කරුණක්. මම ආපහු ගෙදර යනවා. මා වෙනුවෙන් සහයෝගය පළ කරමින් ඔයාලා එවූ සුබපැතුම් පණිවුඩවලට ස්තූතියි.‘ මරේ එසේ කීවේ නැවත මහ බ්‍රිතාන්‍යය  බලා පිටත්ව යාමට සූදානම් වෙමිනි. 
 
වසරේ පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලිය මරේට වාසනාවන්ත තරගාවලියකි. ඇරත් ඔහු 2011, 2013 හා 2015 දී එහි අනුශූරයා වීමටත් සමත්විය. එවැනි පසුබිමක් යටතේ ඔහුට මෙවර තරගාවලිය අහිමිවීම සෙසු ප්‍රතිවාදීන්ටත් උණුසුම් තරගයක් අහිමිවී යාමකි. 
 
30 හැවිරිදි මරේ මෙවර ඕස්ට්‍රේලියාවට පැමිණියේ සැහෙන කාලයක් ටෙනිස් පිටියෙන් ඉවත්වී සිටීමෙන් පසුවය. ඔහු පසුගිය වසරේ ජූලි මාසයේ විම්බල්ඩන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී සෑම් කොරේට පරාජය වීමෙන් පසුව ටෙනිස් පිටියට පා තැබුවේම නැත. 
 
ඔහුගේ අදහස වී තිබුණේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියෙන් නැවත සිය ගමන ආරම්භ කිරීමටය. එහෙත් එය ආරම්භ වූ තැනින්ම නතර විය. 
 
ඕස්ට්‍රේලියානු  විවෘත ටෙනිස් ශූරතාවලිය මේ මස 15 වැනිදා ආරම්භ වීමට නියමිතය. 
 
- 077
 
 
 

අදහස් (0)

ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියෙන් මරේ ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.