ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට ඕස්ටේ්‍රලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 319 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
පන්දු 73 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 85 ක් රැස්කළ ට්‍රැවිස් හෙඞ් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. වේගවත් පිතිහරඹයක නිරත වූ ඒරන් ෆින්ච් පන්දු 109 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 137 ක් රැස්කරමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.

මෙම තරගයේදී පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කටයුතු කළ අතර එහිදී ලකණු 57 කට කඩුලු 3 ක් දවාගැනීමට නුවන් ප්‍රදීප්ද, ලකුණු 69 කට කඩුලු 2 ක් දවාගැනීමට ලක්ෂාන් සඳකැන්ද සමත් වූහ.
සිය ආබාධ තත්ත්වය සුව වීමෙන් අනතුරුව පළමු වරට එක්දින තරගයක් සඳහා සහභාගී වූ ලසිත් මාලිංග මෙම තරගයේදී ඕවර 8 ක් යැවූ අතර ලකුණු 32 ක් ලබාදෙමින් එහිදී ඔහුට දවාගත හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිවුස් පන්දු 106 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 95 ක් රැස්කළේය. එහෙත් මොයිසස් හෙන්රිකස්ගේ පන්දුවක් හමුවේ ඇඩම් සම්පා අතට උඩපන්දුවක් දීම නිසා ඔහුට ඉතා අවාසනාවන්ත ලෙස ශතකය පෙනි පෙනි ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවිය.
ලකුණු 92 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී චාමර කපුගෙදර (30) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මැතිව්ස්, කපුගෙදරගේ දැවී යෑමෙන් අනතුරුව අසේල ගුණරත්න (නොදැවී 70) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 92 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව වේගවත් පිතිහරඹයක නිතර වූ අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න (31) හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. පන්දු 56 කදී වාර්තා වූ ගුණරත්නගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත වූ අතර පන්දු 19 කට මුහුණදුන් සීක්කුගේ සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහරකින් අලංකාර කළේය.
-036
| ශ්‍රී ලංකාව | |||
| නිරෝෂන් දික්වැල්ල - ඇ. කමින්ස් ප. හෙන්රික්ස් | 41 | ||
| උපුල් තරංග - ඇ. හෙන්රික්ස් ප. හේසල්වුඩ් | 13 | ||
| කුසල් මෙන්ඩිස් - ඇ. වෝනර් ප. හෙන්රික්ස් | 5 | ||
| දිනේෂ් චන්දිමාල් - ප. පැටින්සන් | 17 | ||
| ඇන්ජලෝ මැතිව්ස් - ඇ. සම්පා ප. හෙන්රික්ස් | 95 | ||
| චාමර කපුගෙදර - ඇ. සහ ප. හෙඩ් | 30 | ||
| අසේල ගුණරත්න - නොදැවී | 70 | ||
| සීකුගේ ප්‍රසන්න - ඇ. පැටින්සන් ප. කමින්ස් | 31 | ||
| තිසර පෙරේරා - නොදැවී | 1 | ||
| අතිරේක (පා-3, ව-12) | 15 | ||
| එකතුව ඕවර 50 කදී කඩුලු 7ක් දැවී | 318 | ||
| කඩුලු වැටීම | |||
| 1-49 (තරංග), 2-60 (දික්වැල්ල), 3-71 (මෙන්ඩිස්), 4-92 (චන්දිමාල්), 5-152 (කපුගෙදර), 6-243 (මැතිව්ස්), 7-313 (ප්‍රසන්න) | |||
| පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
| ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, කුසල් ජනිත්, ලක්ෂාන් සඳකැන් | |||
| පන්දු යැවීම | |||
| ජෝෂ් හේසල්වුඞ් | 10-0-69-1 | ව-1 | |
| ජේම්ස් පැටින්සන් | 10-0-80-1 | ව-3 | |
| පැට් කමින්ස් | 10-0-47-1 | ව-2 | |
| මොයිසස් හෙන්රික්ස් | 8-0-46-3 | ||
| ඇඩම් සම්පා | 9-0-60-0 | ||
| ට්‍රැවිස් හෙඩ් | 3-0-13-1 | ව-1 | |
| ඕස්ට්‍රේලියාව | |||
| ඬේවිඞ් වෝනර් - ඇ. දික්වැල්ල ප. ප්‍රදීප් | 19 | ||
| ඒරන් ෆින්ච් - ප. ප්‍රදීප් | 137 | ||
| ක්‍රිස් ලයන් - ඇ. මෙන්ඩිස් ප. සඳකැන් | 19 | ||
| මොයිසස් හෙන්රික්ස් - දුවද්දී දැවී ගියා | 10 | ||
| ට්‍රැවිස් හෙඞ් - නොදැවී | 85 | ||
| ග්ලෙන් මැක්ස්වෙල් - ක.මු.කළා ප. ප්‍රදීප් | 0 | ||
| මැතිව් වේඞ් - ප. මාලිංග | 13 | ||
| මාකස් ස්ටොයිනිස් - ඇ. චන්දිමාල් ප. සඳකැන් | 15 | ||
| ජේම්ස් පැටින්සන් - ප. ගුණරත්න | 9 | ||
| පැට් කමින්ස් - නොදැවී | 4 | ||
| අතිරේක (පා-2, ව-3, නි-3) | 8 | ||
| එකතුව ඕවර 49.4 කදී කඩුලු 8 ක් දැවී | 319 | ||
| කඩුලු වැටීම | |||
| 1-64 (වෝනර්), 2-105 (ලයන්), 3-143 (හෙන්රික්ස්), 4-218 (ෆින්ච්), 5-218 (මැක්ස්වෙල්), 6-242 (වේඞ්), 7-274 (ස්ටොයිනිස්), 8-313 (පැටින්සන්) | |||
| පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
| ඇඩම් සම්පා, ජෝෂ් හේසල්වුඞ්, ජෝන් හේස්ටිංග්ස්, මිචෙල් ස්ටාක් | |||
| පන්දු යැවීම | |||
| ලසිත් මාලිංග | 8-0-32-1 | ||
| නුවන් කුලසේකර | 5.4-0-47-0 | ව-1 | |
| නුවන් ප්‍රදීප් | 9-1-57-3 | ව-1, නි-2 | |
| සීකුගේ ප්‍රසන්න | 5-0-35-0 | ||
| ලක්ෂාන් සඳකැන් | 10-0-69-2 | ව-1 | |
| ඇන්ජලෝ මැතිව්ස් | 2-0-18-0 | ||
| අසේල ගුණරත්න | 5-0-36-1 | නි-1 | |
| තිසර පෙරේරා | 5-0-23-0 | ||
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.