Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ක්‍රීඩා සම්බන්ධතා

ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ක්‍රීඩා සම්බන්ධතා

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් තරග 3 ක්, එක්දින තරගාවලියක් සහ විස්සයි:20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට පිළිගැනීමේ නිල උත්සවයක් ඉකුත්දා සවස කොළඹ 7, හෝර්ට්න් පෙදෙස ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් නිලනිවසේදී පැවැත්විණ.


මෙම අවස්ථාවට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පිළිගනිමින් අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රෙයිස් හචිසන් මහතා පැවසූවේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර පවතින ක්‍රීඩා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඕස්ටේ්‍රලියාවේ කැන්බරාහි පිහිටි ක්‍රීඩා විද්‍යායතනය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවක් ගොඩනැඟීමට තමන් කටයුතු- සූදානම් කරන බවයි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් වූ අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයකු වන සිදත් වෙත්තමුණි මහතාත්, ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම ශ්‍රී ලංකාවේ පැරණිම ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතාත් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.


ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අත්සන් සහිත සමරු කමිසයක් ඕස්ටේ්‍රලියානු නායක ස්ටීවන් ස්මිත් විසින් මෙම අවස්ථාවේදී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රෙයිස් හචිසන් මහතාට පිරිනමනු ලැබිණ.

 


ඡායාරූප : ශානුක අරවින්ද

 


අදහස් (0)

ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ක්‍රීඩා සම්බන්ධතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.