Last Update  :  2025-07-24 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕෂධ - කමිඳු තවත් ශතක සම්බන්ධතාවක
නැෂනල් සුපර් ලීග් - 2022

ඕෂධ - කමිඳු තවත් ශතක සම්බන්ධතාවක

editorial - 2022 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය වූ අද (7 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි මහනුවර කණ්ඩායම සිය පළමු වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 288 ක් ලබා සිටියේය. 

මන්දාලෝක තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට පැයකට පමණ පෙර ක්‍රීඩාව නතර කිරීමට සිදුවිය. ඒ වන විට ඕෂධ ප්‍රනාන්දු හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 91 ක්ද, නායක කමිඳු මෙන්ඩිස් හතරේ පහර 3 ක් සමග ලකුණු 57 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඔවුන් දෙදෙනා එක්ව මහනුවර කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 154 කි. 

මෙවර තරගාවලියේදී ඕෂධ ලබාගත් සිවුවැනි අර්ධ ශතකය මෙයයි. කමිඳු ලබාගත් සිවුවැනි අර්ධ ශතකය ද මෙය විය. මේ දක්වා මෙම තරගාවලියේ තරග 6 කට ක්‍රීඩා කර ඇති කමිඳු ඉනිම 11 කදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 856 කි. ඊට ශතක 4 ක්ද ඇතුළත්වේ. තරග 6 ක ඉනිම් 10 කදී ලකුණු 694 ක් ලබා සිටි ඕෂධ වාර්තා කර ඇති ශතක සංඛ්‍යාව 3 කි. 

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගමින් මහනුවර කණ්ඩායමට සාර්ථක ආරම්භකයක් ලබාදීමට කමිල් මිෂාර (56) සහ කසුන් විදුර (71) සමත් වූහ. ඔවුන් දෙදෙනාම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතක සැරසූහ. 

මහනුවර කණ්ඩායමේ බිඳවැටුණ කඩුලු 2 ටම හිමිකම් කීමට යාපනය කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සමත් විය. ධනංජයගේ පන්දුවක් හමුවේ නිෂාන් මධුංෂක අතට උඩ පන්දුවක් දෙමින් කමිල් මිෂාර දැවී ගිය අතර කසුන් විදුර පිටියෙන් ඉවත්ව ගියේ ධනංජයගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීම හේතුවෙනි. 

මහනුවර පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 288 
(කමිල් මිෂාර 56, කසුන් විඳුර 71, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 91, කමිඳු මෙන්ඩිස් නොදැවී 57, ධනංජය ද සිල්වා 70/2) 


අදහස් (0)

ඕෂධ - කමිඳු තවත් ශතක සම්බන්ධතාවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.