Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
සීමිත ඕවර තරග සඳහාම නිර්මිත සුදු පන්දුවෙන් තරග කළ සමය නිමා කරමින් රතු පන්දුව වෙත අවධානය යොමුවී තිබේ. ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලියක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කරන ලද කී‍්‍රඩකයන් 22 දෙනකුගෙන් සමන්විත සංචිතයට අමතක වී තිබූ පැරණි මුහුණ කිහිපයක්ද සමගින් නවක කී‍්‍රඩකයෝ කිහිප දෙනෙක්ද ඇතුළත් විී සිටිති.
මේ වන විට ශී‍්‍ර ලංකාවේ ඉදිරියෙන්ම සිටින පිතිකරුවන් 10 දෙනකු, වේග පන්දු යවන්නන් 7 දෙනකු සහ ද`ග පන්දු යවන්නෝ 5 ක් ඊට ඇතුළත් කර සිටිති.
ශී‍්‍ර ලංකාවේ ටෙස්ට් විශේෂඥයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, විශ්ව ප‍්‍රනාන්දු, ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් ටෙස්ට් සංචිතයට නැවතත් කැඳවා සිටිති. ඔවුන් අතරට 20 හැවිරිදි කමිල් මිෂාර සහ 21 හැවිරිදි චාමික ගුණසේකර දෙදෙනාත් ඇතුළත්ව සිටිති.
තවමත් ශී‍්‍ර ලංකාවේ සංචාරය කරමින් සිටින පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පසුගියදා පල්ලෙකැළේදී පැවැති නිල නොවන ටෙස්ට් තරග දෙකේදී මෙම කී‍්‍රඩකයෝ දෙදෙනාම සුවිශේෂී දස්කම් දැක්වූහ.
කමිල් මිෂාර එම තරග දෙකේදී දෙවතාවක්ම ලකුණු 98 ක් බැගින් ලබාගත්තේය. දකුණතින් වේග පන්දු යවන චාමික ගුණසේකර දෙවැනි තරගයේදී ලකුණු 83 කට කඩුලූ 6 ක් දවාගත්තේය. පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව කී‍්‍රඩා කළ, 24 වැනි වියේ පසුවන සුමින්ද ලක්ෂාන් පළමු පෙළ කඩුලූ 56 ක් දවාගෙන ඇතත් වැඩි දස්කම් පෙන්වා ඇත්තේ පිතිකරුවකු ලෙසිනි. ඔහු පළමු පෙළ තරග 29 කදී ශතක 4 ක් සහ අර්ධ ශතක 5 ක් ද සමගින් ලකුණු 1488 ක් ලබාගෙන ඇත්තේ ද්විත්ව ශතකයක්ද සිය නමට ඉදිරියෙන් සටහන් කරමිනි.
වසර ගණනාවකට පසුව ටෙස්ට් තරගාවලියකට මුහුණ දීම සඳහා වේග පන්දු යවන්නන් 7 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබේ. මෙම සංචිතයේ සිටින වේග පන්දු යවන්නන් අතුරින් චාමික කරුණාරත්න තුන් ඉරියව් කී‍්‍රඩකයන්ගේ කාණ්ඩයට යොදාගෙන ඇත්තේ කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී ශී‍්‍ර ලංකා ආක‍්‍රමණය දඟ පන්දුවෙන්ද නැතහොත් වේග පන්දුවන්ද යන්න පුහුණුකරුවන්ට තීරණය කිරීමේ අවස්ථාව සපයමිනි.
දඟ පන්දු යවන්නන් 5 දෙනකුගෙන් සමන්විත සංචිතයට සුමින්ද ලක්ෂාන් සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකතු කර ඇත්තේද තුන් ඉරියව් කී‍්‍රඩකයන් ලෙසිනි. ඒ අනුව ප‍්‍රවීන් ජයවික‍්‍රම, ලසිත් ඇඹුල්දෙණිය සහ ලක්ෂාන් සඳකැන් අතරට දකුණතින් පා දඟ පන්දු යවන සුමින්ද ලක්ෂාන් හෝ දකුණතින් පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් එකතු කර ගත හැකිය.
ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ඕෂධ ප‍්‍රනාන්දු, පැතුම් නිස්සංක, චරිත් අසලංක, මිනෝද් භානුක, කමිල් මිෂාර, රොෂේන් සිල්වා, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, විශ්ව ප‍්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, අසිත ප‍්‍රනාන්දු සහ චාමික ගුණසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.