Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔසාකා විම්බල්ඩන් තරගාවලියෙන් ඉවත්වෙයි

ඔසාකා විම්බල්ඩන් තරගාවලියෙන් ඉවත්වෙයි

editorial - 2021 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



තමා මෙම වසරේ (2021) විම්බල්ඩන් ශූරතාවලියෙන් ඉවත් වීමටත්, ටෝකියෝ ඔලිම්පික් උළෙලට ක්‍රීඩා කිරීමටත් තීරණය කළ බව ජපානයේ නයෝමි ඔසාකා පවසන්නීය. මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 ක් දිනා සිටින ඔසාකා, ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානයේ පසුවන්නීය.

ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත් වීමෙන් පසු ඇය සිය පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමග කාලය ගත කළාය. 23 හැවිරිදි වියේ පසුවන ඔසාකා එහිදී කියා සිටියේ මානසික අවපීඩනය සහ සාංකාව  හේතුවෙන් තමා ටෙනිස් ක්‍රීඩාවෙන් කෙටි විවේකයක් ලබා ගන්නා බවය.

කෙසේ වුවත් සිය නැවත පැමිණීම සනිටුහන් කරමින් ඔලිම්පික් උළෙලේදී ජපානයේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ තරග වැදීමට තමා මහත් ආ‍ශාවෙන් පසුවන බව, විම්බල්ඩන් ශූරතාවලියෙන් ඉවත්වීමේ තීරණය දැනුම්දීමේදී  ඔසාකා වැඩි දුරටත් කියා සිටියාය.

ප්‍රංශ විවෘත තරගාවලියේ මූලික වටයේ තරගයකින් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමෙන් වැළකී සිටීම නිසා එම තරගාවලියේ සංවිධායකයන් ඔසාකාට ඇමරිකානු ඩොලර් 15,000 ක දඩ මුදලක් නියම කළේය. සංවිධායකයන් කියා සිටියේ ඔසාකා දිගින් දිගටම මාධ්‍ය හමුවලට සහභාගි වීමෙන් වැලකී සිටියහොත් ඇයව තරගාවලියෙන් නෙරපා දැමීමට පවා හැකියාව ඇති බවය.

සංවිධායකයන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එදිනට පසු දින ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත් වීමට ඔසාකා පියවර ගත්තේ තමා මානසික සෞඛය ගැටලු කිහිපයකින් පෙළෙන බව පවසමිනි. කෙසේ වුවත් විම්බල්ඩන් ශූරතාවලියෙන් ඉවත්වීමට ගත් තීරණයත් සමග ඔසාකාට ඔලිම්පික් උළෙලට සූදානම් වීම සඳහා තවත් සති 6 ක කාලයක් හිමිවනු ඇත‍.


-036


අදහස් (0)

ඔසාකා විම්බල්ඩන් තරගාවලියෙන් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.