Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (6 වැනිදා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය ඒස් කැපිටල් ක්‍රීඩකයෝ පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. රොස්කො තටීල් යැවූ අවසන් ඕවරයේදී තරගය ජය ගැනීම සඳහා ඒස් කැපිටල් කණ්ඩායමට ලකුණු 7 ක් අවශ්‍ය වූ අතර එහිදී හයේ පහර 2 ක් එල්ල කළ දනාල් හේමනන්ද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
පන්දු 20 කට මුහුණදුන් හේමනන්ද එහිදී නොදැවී ලකුණු 27 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. ආරම්භක පිතිකරු ළහිරු දෙවැටගේ පන්දු 29 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 52 ක්ද, නිමේෂ ගුණසිංහ සහ නායක වනුජ සහන් ලකුණු 36 බැගින්ද රැස්කරමින් ඒස් කැපිටල් කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බදුරලිය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 170 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතක ලබාගැනීමට ෂෙහාන් මධුෂංක (53) සහ සීක්කුගේ ප්‍රසන්න (57) සමත් වූහ. පන්දු 51 කදී වාර්තා වූ මධුෂංකගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 25 කදී වාර්තා වූ ප්‍රසන්නගේ ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.
බදුරලිය පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 170
(යුතික දිල්රුක් 23, දිල්ෂාන් ද සොයිසා 16, ෂෙහාන් මධුෂංක නොදැවී 53, සීක්කුගේ ප්‍රසන්න 57, චමෝද් බට්ටගේ 46/2)
ඒස් කැපිටල් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 176
(ළහිරු දෙවැටගේ 52, නිමේෂ ගුණසිංහ 36, වනුජ සහන් 36, දනාල් හේමනන්ද නොදැවී 27, කේෂර නුවන්ත 41/4, අලංකාර අසංක 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.