Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඒස් කැපිටල් ක්‍රීඩකයෝ එස්.එස්.සී. පරදවති

ඒස් කැපිටල් ක්‍රීඩකයෝ එස්.එස්.සී. පරදවති

editorial - 2023 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තරගයකදී එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 13 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය සමත් විය.

අද සහ ඊයේ (4 වැනිදා) පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට කුරුණෑගල යොවුන්, ගුවන් හමුදා සහ ගාල්ල යන ක්‍රීඩා සමාජ සමත් වූ අතර එම තරගවලදී පිළිවෙලින් බදුරලිය, හලාවත මේරියන්ස් සහ මීගමුව යන ක්‍රීඩා සමාජ පරාජයට පත් විය.

මේ අතර ඊයේ දිනයේදී පානදුර ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වූ අතර එන්.සී.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව තිබූ තරගය අත්හැර දැමීමට සිදුවිය.


ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයට ලකුණු 13 ක ජයක්
ඒස් කැපිටල් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 164
එස්.එස්.සී. - ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 151

කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජයට කඩුලු 7 ක ජයක්
බදුරලිය - ඕවර 11 කදී කඩුලු 7 ක් දැවී 87
කුරුණෑගල යොවුන් - ඕවර 9.2 කදී කඩුලු 3 ක් දැවී 90

ගුවන් හමුදාවට කඩුලු 6 ක ජයක්
හලාවත මේරියන්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 154
ගුවන් හමුදාව - ඕවර 19.3 කදී කඩුලු 4 ක් දැවී 156

ගාල්ල ක්‍රීඩා සමාජයට කඩුලු 5 ක ජයක්
මීගමුව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 130
ගාල්ල - ඕවර 18.3 කදී කඩුලු 5 ක් දැවී 134

-036


අදහස් (0)

ඒස් කැපිටල් ක්‍රීඩකයෝ එස්.එස්.සී. පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.