Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එන්.සී.සී. පිලට කඩුලු 9 ක පහසු ජයක්

එන්.සී.සී. පිලට කඩුලු 9 ක පහසු ජයක්

editorial - 2023 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ සී.සී.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තරගයකදී යුද හමුදාවට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය.  

අද පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට බී.ආර්.සී., හලාවත මේරියන්ස්, මූවර්ස්, පානදුර සහ සී.සී.සී. ක්‍රීඩා සමාජ සමත් වූ අතර එම තරගවලදී පිළිවෙලින් කැන්ඩි කස්ටම්ස්, පොලිසිය, ගාල්ල, ගුවන් හමුදාව සහ මීගමුව යන ක්‍රීඩා සමාජ පරාජයට පත් විය.


එන්.සී.සී. ක්‍රීඩා සමාජයට කඩුලු 9 ක ජයක්
යුද හමුදාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 121
එන්.සී.සී. - ඕවර 12.4 කදී කඩුල්ලක් දැවී 126

බී.ආර්.සී. ක්‍රීඩා සමාජයට කඩුලු 7 ක ජයක්
කැන්ඩි කස්ටම්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 75
බී.ආර්.සී. - ඕවර 9.2 කදී කඩුලු 3 ක් දැවී 76

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 22 ක ජයක්
හලාවත මේරියන්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 151
පොලිසිය - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 129

මූවර්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 8 ක ජයක්
ගාල්ල - ඕවර 13.5 කදී සියලු දෙනා දැවී 40
මුවර්ස් - ඕවර 7.4 කදී කඩුලු 2 ක් දැවී 42

පානදුර ක්‍රීඩා සමාජයට ලකුණු 75 ක ජයක්
පානදුර - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 156
ගුවන් හමුදාව - ඕවර 17.3 කදී සියලු දෙනා දැවී 81

සී.සී.සී. ක්‍රීඩා සමාජයට කඩුලු 5 ක ජයක්
මීගමුව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 124
සී.සී.සී. - ඕවර 19.1 කදී කඩුලු 5 ක් දැවී 127

-036


අදහස් (0)

එන්.සී.සී. පිලට කඩුලු 9 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.