Last Update  :  2026-01-01 17:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයට ලකුණු 124 ක ජයක්

එංගලන්තයට ලකුණු 124 ක ජයක්

Dilrukshi - 2015 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ නවසීලන්තය අතර ලෝ්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (25 දා) නිමාව දුටු ඓතිහාසික සියවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 124 ක විශිෂ්ට ජයක් ලැබීමට එංගලන්ත පිල සමත් විය.එම ජයත් සමග දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට්  ක‍්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඇලිස්ටයාර් කුක්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත පිලට හැකි විය.

පළමු ඉනිමේදී නවසීලන්තයට වඩා ලකුණු 134 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත පිල ජයග‍්‍රහණය සඳහා  ඕවර 77 කදී ලකුණු 345 ක ඉලක්කයක් කරා යාමේ අභියෝගයක් නවසීලන්තයට දුන්නේය. සිව්වැනි ඉනිමේදී ලකුණු 300 කට වැඩි ඉලක්කයක් හඹා යෑම ඉතාමත් අසීරු කරුණක් වුවද නවසීලන්ත පිතිකරුවෝ එය හඹා යෑමට උත්සහ කිරීම හේතුවෙන්  ඕවර 67.3 කදී ලකුණු 220 කට ඔවුන්ගේ දෙවැනි ඉනිම නිමා විය.

නවසීලන්තයට එරෙහිව එංගලන්තය පිට පිටම ලැබූ තුන්වැනි ටෙස්ට් ජයග‍්‍රහණය ලෙස මෙය සටහන් වේ.2013 වසරේදී ලෝඞ්ස් සහ ලීඞ්ස් හී පැවැති ටෙස්ට් තරග දෙක මීට පෙර ජය ගැනීමට එංගලන්තය සමත් විය. වසර 85 කට වැඩි ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කියන නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති ටෙස්ට් තරග 100 අතුරින් එංගලන්තය ලද 48  වැනි ටෙස්ට් ජයග‍්‍රහණය ලෙසද මෙය සටහන් වේ.

නවසීලන්තය 2008 වසරෙන් පසුව එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගෙන නොතිබෙන අතර ඔවුන් ඉතිහාසය පුරා එංගලන්තයට එරෙහිව ජය ගැනීමට සමත්ව ඇත්තේ ටෙස්ට් තරග අටක් පමණි.ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයකදී සිව්වැනි ඉනිමේදී ලකුණු 300 සීමාව පන්නා ගොස් ජය ගැනීමට සමත්ව ඇති එකම කණ්ඩායම වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. ඒ 1985 දී එංගලන්තයට එරෙහිවය.

කෙසේ වෙතත් පන්දු 462 කදී ලකුණු 345 ක් ලබා ගැනීමට උත්සහ කළ නවසීලන්ත පිලේ  ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු ලබා ගැනීමට පෙරම පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත ආරම්භක පන්දු යවන්නෝ දෙදෙනා සමත් වූහ.පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබා ගත් මාටින් ගප්ටිල්ගේ කඩුල්ල දෙවැනි පන්දුවේදීම දවා ගැනීමට ජේම්ස් ඇන්ඩ‍්‍රසන් සමත් විය. අනතුරුව දෙවැනි  ඕවරයේ පළමු පන්දුවෙන්ම ටොම් ලෙතම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ස්ටුවර්ට් බ්‍රෝඞ් සමත් විය.

නවසීලන්තයේ තෙවැනි කඩුල්ල මුලූ ලකුණු සංඛ්‍යාව 13 ක්ව තිබියදී බිද දැමීමට යළිත් ස්ටුවර්ට් බ්‍රෝඞ් සමත් විය.පළමු ඉනිමේදී නවසීලන්තයේ මුල් පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක රැස් කිරීමට සමත් වුවද දෙවැනි ඉනිමේදී ඔවුන් සිව්දෙනාට ලබා ගත හැකි වූයේ ලකුණු 35 ක් පමණි.  නවසීලන්ත පිල වෙනුවෙන් දෙවැනි ඉනිමේදී අර්ධ ශතක වාර්තා කිරීමට බී.ජේ. වොට්ලින් සහ කෝරි ඇන්ඩසන්  සමත් වූහ. එහිදී වොට්ලින් පන්දු 149 කදී හතරේ පහර නවයක් සමග ලකුණු 59 කට දැවී ගිය අතර ඇන්ඩසන් පන්දු 87 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමග ලකුණු 67 ක් ලබා ගත්තේය.

නවසීලන්තයේ පළමු කඩුලූ පහ ලකුණු 61 කට බිද වැටී තිබියදී හය වැනි කඩුල්ල සඳහා වොට්ලින් සහ ඇන්ඩසන් එකතුව ලකුණු 107 ක සබඳතාවක් පිහිටු වීමට සමත් වූහ.එංගලන්ත ජයග‍්‍රහණයේ ප‍්‍රධාන මෙහෙයුම දියත් කළ නායක ඇලිස්ටයාර් කුක් හත් වැනි වරටත් ලකුණු 150 සීමාව පසුකර යෑමට සමත් විය. ඔහු මිනිත්තු 540 ක් පුරා කඩුල්ල රැක ගන්නා අතරවාරයේදී පන්දු 345 කට මුහුණදී හතරේ පහර 17 කින් ඉනිම අලංකාර.

එංගලන්ත ඉනිම බිද දැමීීමේදී පෙරමුණ ගත් ටෙ‍්‍රන්ට් බෝල්්ට් ලකුණු 85 කට කඩුලූ පහක් බිද දැමීය. ඔහු සමස්ත තරගයේදී පන්දුවාර 63 ක් යවා ලකුණු 169 කට කඩුලූ 9 ක් දවා ගැනීමටසමත් විය.මෙම ඓතිහාසික ටෙස්ට් තරගයේදී දෙපිලේම කඩුලූ 40 ක් බිද වැටෙන අතරවාරයේදී ලකුණු 1610 ක් වාර්තා කිරීමට පිතිකරුවෝ සමත් වූහ. එංගලන්තයට ඊයේ බැංකු නිවාඩු දිනයක් වූ බැවින් තරගය නැරඹීමේ සියලූම ප‍්‍රවේශපත‍්‍ර අවසන් වී තිබීම විශේෂත්වයකි.

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැති ඓතිහාසික 100 වැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ වීරයා ලෙස බෙන් ස්ටෝක්ස් සම්මාන දිනාගත්තේය. බෙන් ස්ටොක්ස් පළමු ඉනිමේදී අර්ධ ශතකයක් (91) සහ දෙවැනි ඉනිමේදී ශතකයක් (101) ලබා ගනිමින් සමස්ත තරගයේදී ලකුණු 193 වාර්තා කිරීමට සමත් විය.

ඔහු දෙවැනි ඉනිමේදී ලකුණු 38 කට කඩුලූ 3 ක්ද බිද දමමින් එංගලන්ත ජයග‍්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දක්‍ෂතා දැක්වීමට සමත් විය.දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 29 වැනිදා ලීඞ්ස් හිදී ආරම්භ වීමට නියමිතය.

එංගලන්තය පළමු ඉනිම -  ඕවර 100.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 389
නවසීලන්තය පළමු ඉනිම -  ඕවර 131.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 523
එංගලන්තය දෙවැනි ඉනිම -  ඕවර 129 කදී සියලූ දෙනා දැවී ලකුණු 478

(ඇලිස්ටයාර් කුක්  162, ඉයන් බෙල් 29, ජෝ රූට් 84, බෙන් ස්ටෝක්ස් 101, මොයින් අලී 43,  ස්ටුවර්ට් බ්‍රෝඞ් 10, ටේ‍්‍රන්ට් බෝල්ට් 85/5, ටිම් සවුති 162/2, මැතිව් හෙන්රි 106/2 )

නවසීලන්තය දෙවැනි ඉනිම -  ඕවර 67.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 220

(කේන් විලියම්සන් 27, බී.ජේ.වොට්ලින් 59, කෝරි ඇන්ඩසන් 67, ස්ටුවර්ට් බ්‍රෝඞ් 50/3, බෙන් ස්ටෝක්ස් 38/3 )

- 033

 


අදහස් (0)

එංගලන්තයට ලකුණු 124 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.