බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්ත පිල අතර ග්‍රෙනඩාහි ශාන්ත ජෝර්ජ් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත පිල සමත් විය. තරගයේ පස්වැනි දිනය වූ ඊයේ (25 වැනිදා) ජයග‍්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කී‍්‍රඩකයෝ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
විස්ඩන් කුෂලාන වෙනුවෙන් පැවැත්වෙන තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේදී මේ වන විට එංලගන්ත පිල 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී.
ශෙනෝන් ගේබි‍්‍රයල්ගේ පන්දුවක් හමුවේ ආරම්භක පිතිකරු ජොනතන් ට්‍රොට් ලකුණු නොලබා දැවීගියද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 142 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ඇලිස්ටෙයාර් කුක් (නොදැවී 59) සහ ගැරී බැලන්ස් (නොදැවී 81) එංගලන්ත පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ. බැලන්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර ඇලිස්ටෙයාර් කුක්ගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් විය.
දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල සියලූ දෙනා දැවී ලකුණු 307 ක් ලබාගත් අතර එහිදී සිය සිව්වැනි ටෙස්ට් ශතකය (116) ලබාගැනීමට ආරම්භක පිතිකරු ක්‍රෙග් බ‍්‍රැත්වයිට් සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 14 ක් අන්තර්ගත විය.
ඩැරන් බ‍්‍රාවෝ (69) සමග එක්ව කොදෙව් ඉනිමේ දෙවැනි කඩුල්ලේ වෙනුවෙන් ලකුණු 142 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බ‍්‍රැත්වයිට් සමත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජේම්ස් ඇන්ඩසන් ලකුණු 43 කට කඩුලූ 4 ක් දවාගනිමින් කොදෙව් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ලකළ අතර ලකුණු 51 කට කඩුලූ 3 ක් දවාගත් මොයින් අලී ඔහුට මනා සහයක් ලබා දුන්නේය.
කොදෙව් පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 299
එංගලන්ත පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 464
කොදෙව් පිල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 307
(ක්‍රෙග් බ‍්‍රැත්වයිට් 116, ඩැරන් බ‍්‍රාවෝ 69, මාලන් සැමුවෙල්ස් 37, ඩිනේෂ් රැුම්ඩින් 28, දෙවේන්ද්‍ර බිෂෝ නොදැවී 15, ජේම්ස් ඇන්ඩසන් 43/4, මොයින් අලී 51/3)
එංගලන්ත පිල දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 144
(ඇලස්ටෙයාර් කුක් නොදැවී 59, ගැරී බැලන්ස් නොදැවී 81)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.