
බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයේ ත-ුන්වැනි දිනය වන අද (6 වැනිදා) රාත්‍රියේ ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිමේ කඩුලු 6 ක් ලකුණු 134 ක් තුළ අහිමි කරගෙන තිබිණ.
මුල් ඉනිමේදී ලකුණු 177 ක අවාසියකට මුහුණ දුන් එංගලන්ත පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී සාර්ථක ආරම්භයක් ලබාගනිමින් කඩුල්ලක් දැවී ලකුණු 90 ක් ලබා සිටියහ. මයිකල් නේසර්ගේ අනගි උඩපන්දුවක් හමුවේ ඔලී පෝප් දැවී යන විටත් එංගලන්තය ලකුණු 87 ක් පසුපසින් සිටියේය. ලකුණු 7 ක වෙනසකින් පසුව සැක් ක්‍රෝලි ද දැවී යාමෙන් ඇතිවූ පීඩනයෙන් උපරිම ප්‍රයෝජන ගත් මිචෙල් ස්ටාක්, මයිකල් නේසර් සහ ස්කොට් බෝලන්ඩ් එක්ව ලකුණු 44 ක් ඇතුළත කඩුල 5 ක් බෙදාගත්හ.
කඩුල්ලක් දැවී ලකුණු 90 ක් ලෙසන් සටහන් වූ ලකුණු පුවරුව, පැයක පමණ කාලයක් ඇතුළත කඩුලු 6 ට 134 ක් ලෙසින් වෙනස් විය. ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් එංගලන්තය තවත් ලකුණු 43 ක් ලබාගත යුතුවන අතර තරගාවලියේ පළමු තරගය පරාජය වූ එංගලන්තය මේ වන විටත් 0-1 ක් ලෙසින් තරගාවලියේ පසුපසට වැටී සිටී.
මෙවර අළු බඳුන තරගාවලියේදීත් මිචෙල් ස්ටාක් යනු එංගලන්තයට පුදුමාකාර හිසරදයක් වී තිබේ. පර්ත්හි පැවැති පළමු ටෙස්ට් තරගයේදී (113/10) කඩුලු 10 ක් දවාගත් ස්ටාක් දෙවැනි තරගයේදී මේ වන විටත් කඩුලු 8 ක් දවාගෙන තිබේ. එපමණක් නොව, ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 177 ක දැවැන්ත වාසියක් ගෙනදීමේ මූලිකයා වූයේත් ස්ටාක්මය.
එංගලන්තයේ ‘බස් බෝල්’ න්‍යාය මේ වතාවේදී නම් නරකට හිටන හැඩකි. සැක් ක්‍රෝලි සහ බෙන් ඩකට් දෙදෙනා, දෙවැනි ඉනිමේදී මිචෙල් ස්ටාක්ගේ ඕවර 3 කින් ලකුණු 25 ක් උදුරාගත් නමුත් අවසානයේදී ස්ටාක් ජයග්‍රාහකයා විය.
මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 334 ක් ලබාගත් එංගලන්තය හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් 511 ක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වාර්තා වූ එකම ශතකයක්වත් නැති නමුත් කණ්ඩායමේ 11 දෙනාම ඉලක්කම් දෙකකින් ලිවිය හැකි ආකාරයේ ලකුණු ලබාගත්හ. අතිරේක ලකුණු 22 ත් එක්වූ කල්හි, ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවේ කිසිම පේලියක තනි ඉලක්කමක් සටහන් නොවිණ.
ශතක වාර්තා නොවූ නමුත් ඕස්ට්‍රේලියානු ඉනිම අර්ධ ශතක 5 කින් සමන්විත විය. එහි වඩාත්ම තීරණාත්මක දායකත්වය වූයේ කඩුලු රකින්නා වන ඇලෙක්ස් කේරි (63) සහ වේග පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක් (77) ලබාගත් අර්ධ ශතක දෙකයි.
බ්‍රයිඩන් කාර්ස් (152/4) සහ බෙන් ස්ටෝක්ස් (113/3) දෙදෙනා හමුවේ ඕස්ට්‍රේලියානුවන්ගේ හත්වැනි කඩුල්ලත් ලකුණු 383 දී බිඳ වැටිණ. ඒ වන විට ඕස්ට්‍රේලියානුවන් සතු වූයේ යන්තම් ලකුණු 49 ක වාසියක් පමණි.
මෙම අවස්ථාවේදී මිචෙල් ස්ටාක් සමගින් එක්වන ඇලෙක්ස් කේරි 400 කඩඉමෙන් ඔබ්බට ලකුණු සංඛ්‍යාව තල්ලු කිරීමෙන් පසුව දැවී ගියේය. කේරී ලකුණු 416 දී දැවී යාමෙන් පසුව තරගයේ පාලනය අතට ගන්නා මිචෙල් ස්ටාක්, සහායක වේග පන්දු යවන්නා වන ස්කොට් බෝලන්ඩ් සමගින් එක්ව ලකුණු සංඛ්‍යාව 491 ක් දක්වා ඉහළ දමන්නේ සිය 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කරමිනි. පන්දු 141 කින් පැමිණි ස්ටාක්ගේ ලකුණු 77 හතරේ පහර 13 කින් සමන්විත විය.
ස්කොට් බෝලන්ඩ් (නොදැවී 21) සහ බ්‍රෙන්ඩන් ඩොගට් (13) දෙදෙනාට එතැන් සිට තිබුණේ සුළු කර්තව්‍යකි. ඔව්හු පහසුවෙන්ම ලකුණු 511 ක් කරා ඕස්ට්‍රේලියානු පිල කැඳවාගෙන ගියහ.
එංගලන්තය - පළමු ඉනිම 334 යි
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 511 යි
(ට්‍රැවිස් හෙඩ් 33, ජේක් වෙදරල්ඩ් 72, මානස් ලැබුෂේන් 65, ස්ටීවන් ස්මිත් 61, කැමරන් ග්‍රීන් 45, ඇලෙක්ස් කේරි 63, ජොෂ් ඉංග්ලිෂ් 23, මයිකල් නේසර් 16, මිචෙල් ස්ටාක් 77, ස්කොට් බෝලන්ඩ් නොදැවී 21, බ්‍රෙන්ඩන් ඩොගට් 13, බ්‍රයිඩන් කාර්ස් 152/4, බෙන් ස්ටෝක්ස් 113/3)
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 134 යි
(සැක් ක්‍රෝලි 44, බෙන් ඩකට් 15, ඔලී පෝප් 26, ජෝ රූට් 15, හැරී බෲක් 15, මිචෙල් ස්ටාක් 48/2, මයිකල් නේසර් 27/2, ස්කොට් බෝලන්ඩ් 33/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.