නවසීලන්තය සමග ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (24 වැනිදා)තරගය නිමා වන විට දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලූ 6 ක් දැවී ලකුණු 420 ක් ලබා සිටියේය.
ඒ අනූව නවසීලන්තය පළමු ඉනිමේ ලබාගත් ලකුණු 134 ක වාසිය පසුකර ගිය එංගලන්තය තවත් කඩුලූ 04 ක් අතැතිව ලකුණු 286 ක් ඉදිරියෙන් පසුවේ.
තරගයේ තෙවැනි දිනයට නවතා දමන විට තෙවැනි කඩුල්ල සඳහා ඇලිස්ටයාර් කුක් සහ ඉයන් බෙල් ලකුණු 49 ක නොබිඳුනු සබඳතාවක් පිහිටුවා තිබුණ ඊයේ උදෑසනම එංගලන්ත ලකුණු පුවරුවට ලකුණු එකතුවීමට පෙරම ඉයන් බෙල්ගේ කඩුල්ල ලබා ගැනීමට ටිම් සවුති සමත් විය. ඉයන් බෙල් දැවී යන විට පන්දු 58 කට මුහුණදී හතරේ පහර හතරක් සමග ලකුණු 29 ක් ලබා සිටියේය.
බෙල්ගේ ඉවත් වීමෙන් පසුව නායක්තවයේ වගකීම සහිත පිතිහරඹයක යෙදුණු ඇලිස්ටෙයාර් කුක් සිය 27 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කිරීමට සමත් විය.
ටෙස්ට් තරගයකට උචිත ඉනිමක් ක‍්‍රීඩා කළ ඇලිස්ටෙයාර් කුක් ආරම්භක පිතිකරුවකු ලෙස පැමිණ ලබාගත් 25 වැනි ටෙස්ට් ශතකය ලෙස මෙය සටහන් වේ. ඒ අනූව ලොව ටෙස්ට් ආරම්භක පිතිකරුවන් ලෙස වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් අතර තවදුරටත් සිව්වැනි ස්ථානයේ රැදී සිටීමට ඇලිස්ටයාර් කුක්ට හැකිවිය.
ඉන්දියාවේ සුනිල් ගවස්කාර් (33) එම ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවේ. එහි දෙවැනි තැන ඔස්ටේ‍්‍රලියාවේ මැතිව් හේඞ්න් (30) පසුවන අතර තෙවැනි තැන දකුණු අප‍්‍රිකාවේ ග‍්‍රැහැම් ස්මිත් (27) පසුවේ.
ඉතාමත් සෙමින් ලකුණු රැුස් කළ ඇලිස්ටයාර් කුක් දිනය නිමා වන විට පන්දු 307 කදී හතරේ පහර 15 ක් සමග ලකුණු 149 ක් ලබා සිටියේය. ඔහුගේ ප‍්‍රහාරාත්මක වේගය 48.53 ක් ලෙස සටහන් වේ. කුක් සමග කඩුල්ලේ රැදී සිටින එංගලන්ත පිලේ එක්දින ආරම්භක පිතිකරු මොයින් අලී පන්දු 29 කදී හතරේ පහර දෙකක් සමග ලකුණු 14 ක් ලබා සිටියි.
එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමේදී ඇලිස්ටයාර් කුක් සිව්වැනි කඩුල්ල සඳහා ජෝ රූට් සමග එකතුව පන්දු 258 කදී ලකුණු 158 ක සබඳතාවක් පිහිටුවීමට සමත් විය. එහිදී 10 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ජෝ රූට් හත්වැනි ටෙස්ට් ශතකයට ලකුණු 16 ක් මෙපිටින් සිටියදී හෙන්රිගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 139 කදී හතරේ පහර 12 ක් එල්ල කිරීමට සමත්ව තිබුණි.
සෙමින් සීරුවේ ඉහළ නගිමින් සිටි එංගලන්ත ලකුණු පුවරුව වේගයෙන් ක‍්‍රියාත්මක කිරීමට අංක හය පිතිකරු ලෙස පැමිණි බෙන් ස්ටෝක්ස් සමත් විය. ස්ටෝක්ස් පන්දු 85 කදී සිය දෙවැනි ටෙස්ට් ශතකය ලබා ගනිමින් ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක ක‍්‍රීඩකයකු ලබා ගත් වේගවත්ම ටෙස්ට් ශතකයේ හිමිකරුවා බවට පත්විය. ස්ටෝක්ස් විසින් බිද දමනු ලැබුවේ ඉන්දියාවේ මොහොමඞ් අසරුදීන් පන්දු 87 කදී ලබා තිබූ ශතකයේ වාර්තාවයි.
පන්දු 92 කදී බෙන් ස්ටෝක්ස්ගේ ඉනිම අවසන් වන විට හතරේ පහර 15 ක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 101 ක් ලබා සිටියේය. ඒ අතරතුරදී නායක ඇලිස්ටෙයාර් කුක් සමග එක්ව පන්දු 133 කදී ලකුණු 132 ක සබඳතාවක් පිහිටවූ ස්ටෝක්ස් ඉන් ලකුණු 101 ක්ම ඔහු විසින් වාර්තා කිරීම විශේෂත්වයකි.
එංගලන්තය පළමු ඉනිම - ඕවර 100.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 389
නවසීලන්තය පළමු ඉනිම - ඕවර 131.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 523
එංගලන්තය දෙවැනි ඉනිම - ඕවර 110.3 කදී කඩුලු 06 ක් දැවී ලකුණු 420
(ඇලිස්ටයාර් කුක් නොදැවී 149, ඉයන් බෙල් 29, ජෝ රූට් 84, බෙන් ස්ටෝක්ස් 101, ටේ‍්‍රන්ට් බෝල්ට් 68/1, ටිම් සවුති 124/2, මැතිව් හෙන්රි 106/2 යි.)
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.