Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය පරාජය අබියස
අළු බඳුන

එංගලන්තය පරාජය අබියස

editorial - 2021 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිනයේ යැවූ අවසන් පන්දුවේදී ජෝ රූට් දැවීයාමත් සමගින් ඇඩිලේඞ් ටෙස්ට් තරගය බේරා ගැනීම සම්බන්ධයෙන් එංගලන්ත කණ්ඩායම තැබූ තවත් විශාල බලාපොරොත්තුවක් බිඳ වැටිණ. ලකුණු 468 ක දැවැන්ත ඉලක්කයක් කරා යමින් සිටින එංගලන්ත කණ්ඩායම, අළු බඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (19 වැනිදා) රාති‍්‍රයේ කී‍්‍රඩාව නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 82 ක් ලබා සිටියේය.

එංගලන්තය හමුවේ ඇත්තේ ඓතිහාසික අභියෝගයකි.

වසර 144 ක ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ කිසිම කණ්ඩායමක් සිව්වැනි ඉනිමේදී ලකුණු 468 ක දැවැන්ත ඉලක්කයක් කරා සාර්ථකය ගමන් කර නැත. ටෙස්ට් ඉතිහාසයේදී කණ්ඩායමක්, තරගයක් ජයගැනීම සඳහා ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ වසර 2003 දී ස්ටීවන් වෝගේ  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව කොදෙව් කණ්ඩායම කඩුලූ 7 කට ලකුණු 418 ක් ලබාගැනීමයි. එබැවින් එංගලන්ත පිලට මෙම ඓතිහාසික අභියෝගය ජයගත නොහැකි වුවහොත් තරග 5 කින් සමන්විත තරගාවලියේදී 2-0 කින් පෙරමුණ ගැනීමට සත්කාරකයන්ට හැකිවනු ඇත.

ඇරත් ඇඩිලේඞ් පිටියේදී ටෙස්ට් තරගයක් ජයගැනීම සඳහා කණ්ඩායමක් සිව්වැනි ඉනිමේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ 1902 දී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම එංගලන්තයට එරෙහිව කඩුලූ 6 ක් දැවී ලබාගත් ලකුණු 315 යි.

එංගලන්තය පසුපසට ඇද වැටුණේ සෙනසුරාදා සිදුවූ කඩා වැටීමෙනි. මුල් ඉනිමේ එක් අවස්ථාවකදී කඩුලූ 2 ක් දැවී ලකුණු 150 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමේ කඩුලූ 7 ක් ලකුණු 86 කට ඇද වැටිණ. ඒ හේතුවෙන් එංගලන්ත මුල් ඉනිම ලකුණු 236 කට සීමා වූ අතරම ලකුණු 237 ක මුල්  ඉනිමේ වාසියක්  ඕස්ටේ‍්‍රලියානුවන්ට ලැබිණ. සිය දෙවැනි ඉනිමේදී තරමක් වේගවත් පිතිහරඹයක නිරත වූ  ඕස්ටේ‍්‍රලියානුවෝ, කඩුලූ 9 කට ලකුණු 230 ක් ලබාගනිමින් ලකුණු 468 ක ඉලක්කයක් එංගලන්තයට බාර දුන්හ.

තරගය ජයගැනීමට නම් එංගලන්තය තවත් ලකුණු 386 ක් ලබාගත යුතුය නැතහොත් හෙට දිනය පුරාම සිය කඩුලූ 6 ආරක්‍ෂා කරගත යුතුය. එහෙත් ඇඩිලේඞ් තණතීරුවේදී එය අසීරු අභියෝගයකි. බෙන් ස්ටෝක්ස් පමණක් ලකුණු 3 ක් ලබා නොදැවී සිටී.


ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 9 ට 473 යි
එංගලන්තය - පළමු ඉනිම සියලූ දෙනා දැවී 236 යි
ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම කඩුලූ 9 ට 230 යි
(ඬේවිඞ් වෝනර් 13, මාකස් හැරිස් 23, මානස් ලැබුෂේන් 51, ට‍්‍රැවිස් හෙඞ් 51, කැමරන් ගී‍්‍රන් නොදැවී 33, මිචෙල් ස්ටාක් 19, ඔලී රොබින්සන් 54/2, ජෝ රූට් 27/2, ඬේවිඞ් මලාන් 33/2)
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලූ 4 ට 82 යි
(රෝරි බර්න්ස් 34, ඩේවිඩ් මලාන් 20, ජෝ රූට් 24, ජායි රචඩ්සන් 17/2)

- 213

 


අදහස් (0)

එංගලන්තය පරාජය අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.