Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද අබුඩාබි සිට..)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කඩුලු 5 කින් එංගලන්තය පරාජය කළ නවසීලන්තය තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. නවසීලන්තය එදා මෙදා තුර විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙසද මෙය සටහන් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ පන්දු 6 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාගත්හ. අබුඩාබි ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද එය වාර්තා අතරට එක් විය. 16 වැනි ඕවරය දක්වාම කෙටි ලකුණු ලබාගනිමින් සහ දුර්වල පන්දුවලදී පමණක් විශාල පහර කරා යමින් තරගය ඇදෙගෙන පැමිණි නවසීලන්ත පිතිකරුවෝ, 17 වැනි ඕවරයේදී ලකුණු 23 ක්ද, 19 වැනි ඕවරයේදී ලකුණු 20 ක්ද රැස්කරමින් තරගයේ ජය තමන් සතුකරගත්හ.
එහිදී පන්දු 47 කට මුහුණදෙමින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 72 ක් රැස්කළ ඩැරිල් මිචෙල්, නවසීලන්ත කණ්ඩායම අවසන් මහ තරගය කරා ගෙන ගියේ තරගයේ වීරයා බවටද පත්වෙමිනි. පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 46 ක් රැස්කළ ඩෙවෝන් කොන්වේ මෙන්ම පන්දු 11 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු ලකුණු 27 ක් රැස්කළ ජේම්ෂ් නීෂම්ද නවසීලන්ත කණ්ඩායම දිනවීම සඳහා මිචෙල්ට අනගි සහායක් දුන්හ.
ලකුණු 13 කට කඩුලු 2 ක් බිඳවැටී අසීරු තත්ත්වයක පත්ව තිබූ නවසීනල්ත ඉනිම එම තත්ත්වයෙන් මුදවාගත් මිචෙල්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් කොන්වේ සමග එක්ව පන්දු 67 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ඉන් අනතුරුව පස්වැනි කඩුල්ල වෙනුවෙන් නීෂම් සමග එක්ව පන්දු 17 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ මිචෙල්, සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මාර්ගය එලිපෙහෙලි කළේය. පන්දු 38 කදී වාර්තා වූ කොන්වේගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත වූ අතර පන්දු 11 කට මුහුණදුන් නීෂම් ලකුණු රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි.
පළමු ඕවරයේ තෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් (4) පිටියෙන් ඉවත් කළ ක්‍රිස් වෝක්ස්, තෙවැනි ඕවරයේදී නායක කේන් විලියම්සන් (5) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූයේ එය නිලකුණු ඕවරයක් බවටද පත්කරමිනි. වෝක්ස්ගේ එම දක්ෂ පන්දු යැවීම හමුවේ මුලු ලකුණු සංඛ්‍යාව 13 ක්ව තිබියදී නවසීලන්තයට කඩුලු 2 ක්ම අහිමිවිය. 14 වැනි සහ 16 වැනි ඕවරවලදී පිළිවෙලින් ඩෙවොන් කොන්වේ සහ ග්ලේන් පිලිප්ස් දවාගැනීමට ලයෑම් ලිවිංග්ස්ටන් සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ ආරාධයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 166 ක් ලබාගත්තේය. එහිදී එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොයින් අලී, දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 37 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කළේය. ඩේවිඩ් මලාන් (41) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අලී, ඉන් නොනැවතී ලයෑම් ලිවිංග්ස්ටන් (17) සමග එක්ව පන්දු 24 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 10 කට මුහුණදුන් ලිවිංග්ස්ටන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය.
ඉෂ් සෝධිගේ පන්දුවක් (7 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී) හමුවේ ලකුණු 2 ක් ලබා සිටියදී ඩේවිඩ් මලාන් ලබාදුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක ඩෙවෝන් කෝන්වේ අතින් ගිළිහී යෑමත් සමග ඔහුට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව හිමිවිය. එම අවස්ථාවෙන් නිසි ඵල නෙළාගත් මලාන්, ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ කොන්වේ අතටම උඩ පන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 41 ක් ලබා සිටියේය.
මුලු ලකුණු සංඛ්‍යාව 53 ක් වන විට එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉෂ් සෝධි සහ ඇඩම් මිලන් සමත් වූහ. මිලන්ගේ පන්දුවක් හමුවේ නායක කේන් විලියම්සන් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ජොනී බෙයාස්ටෝ පන්දු 17 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 13 ක් ලබා සිටියේය. ජොස් බට්ලර් පන්දු 24 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 29 ක් ලබා සිටියදී සවුතිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.