එංගලන්තය ගෙදර යන්න තීරණය කරයි
කොරෝනා වයිරස් ආසාධිතයන් හමුවීමෙන් පසුව එංගලන්ත පිලේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරය අතරමගදී අවලංගු කර දමන ලදි. තරගාවලියේ පැවැත්විය හැකිවූයේ විස්සයි-20 තරග 3 ක් පමණි. එංගලන්ත සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩල ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් තරගාවලය අත්හිටවූ බව නිවේදනය කළේය.
තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අවලංගු කිරීමට ඉරිදා ගත් තීරණය නිවේදනය නිකුත් කිරීමෙන් පසුව එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකුටද වයිරසය ආසාධනයවී ඇති බව තහවුරු විය. පසුව තරගාවලිය අතහැර දැමීම හැර වෙනත් විකල්පයක් ක්‍රිකට් පාලක මණ්ඩල දෙකටම නොතිබිණ. කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය හා සුභසාධනය සහතික කිරීම සඳහා එංගලන්ත සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩල දෙක එක්ව මෙම තීරණය ගෙන ඇත
තරග 3 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ නොකරම එංගලන්තය නැවත සිය මව්බිමට කරා යනු ඇත. කණ්ඩායම් දෙකම නවාතැන් ගෙන සිටි කේප් ටවුන් හි හෝටලයේදී ජෛව ආරක්‍ෂිත ගෝලයේ නියමයන් උල්ලංඝණයවී ඇති බව සෞඛ්‍ය බලධාරීහු කියා සිටියහ.
කෙසේ වෙතත් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු හා එංගලන්ත ක්‍රිකට් ආයතන සාකච්ඡා කර තීරණයකට එළඹෙනු ඇත.
පළමු එක්දින තරගය පසුගිය සිකුරාදා කේප් ටවුන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කාසියේ වාසිය උරගා බැලීමට පැයකට පමණ තිබියදී තරගය ඉරිදා (6 වැනිදා) දක්වා කල් දැමීමට තීරණය කළ බවට නිවේදනය කළේය. දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හදුනා ගැනීම ඊට හේතු වූයේය.
කෙසේ වෙතත්, දකුණු අප්‍රිකානු එක්දින සංචිතයේ සියලු ක්‍රීඩකයින් කොරෝනා වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වී ඇති බව පසුව නිවේදනය කෙරුණු අතර, 6 වැනිදා තරගය නියමිත පරිදි පැවැත්වීමට තීරණය කෙරුණි. එදින තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට මිනිත්තු 20 කට පෙර තරගයේ ආරම්භක වේලාව ප්‍රමාද කිරීමට සිදුව ඇති බව දකුණු අප්‍රිකානු සහ එංගලන්ත ක්‍රිකට් ආයතන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවණය වීමත් සමගින් එංගලන්ත ක්‍රීඩකයින් යළිත් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගෙන තිබුණේය. පසුව එංගලන්ත සංචිතයේ දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට “තහවුරු නොකළ” වාර්තා වලින් කියැවුණ හෙයින් පළමු තරගය අත්හැර දැමීමට කටයුතු කරන බව දෙරටේ ක්‍රිකට් ආයතන යළිත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එංගලන්ත ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල නිළධාරීන් මේ වනවිට ස්වයං නිරෝධායනයකට ලක්කර ඇත.
ශ්‍රී ලංකාව, ඔස්ටේ්‍රලියාව සහ පාකිස්තානය යන රටවල් ඉදිරියේදී දකුණු අප්‍රිකාවේ තරග සංචාරවල නිරත වීමට නියමිතව ඇතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බව දැනටමත් වාර්තා වේ.
- 2079