Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත ‘ඒ’ පිලට ලකුණු 167 ක ජයක්

එංගලන්ත ‘ඒ’ පිලට ලකුණු 167 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සටන්කාමී පිතිහරඹයක නිරත වූ මාධව වර්ණපුර (108) ශතකයක් ලබාගත් නමුත් මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු වැනි සිවුදින තරගයේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල පරදවා ලකුණු 167 ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම සමත් විය. අවසන් කඩුලූ 5 පමණක් අතැතිව, ලකුණු 123 සිට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ඉදිරියට තල්ලූකරගෙන ගිය මාධව වර්ණපුර තරගයේ සිවුවැනි දිනය වූ අද (15 වැනිදා) ලකුණු 108 කට දැවී යාමත් සමගම ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ සටන නිමා විය.

ජයග‍්‍රහණය සොයා ලකුණු 479 ක අසීරු ගමනක යෙදෙමින් සිටි ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ ඉනිම ලකුණු 311 දී නතර කිරීමට එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල සමත් වූ අතර  ඕවර 70 ක් යැවූ වේග පන්දු යවන්නෝ සිවුදෙනා කඩුලූ හතක් බෙදාහදාගත්හ.

ශී‍්‍ර ලංකා ‘ඒ’ දෙවැනි ඉනිමේදී ඉදිරිපෙළ කඩුලූ 4 ක් ලකුණු 55 දී බිඳ වැටුණ නමුත් මැද පෙළ පිතිකරුවන් සමග එක්ව සටන්කාමී පිතිහරඹයකට වන් මාධව පැය හය හමාරකට වැඩි කාලයක් සිය කඩුල්ල රැකගනිමින් ලකුණු 108 ක් ලබාගත්තේ හතරේ පහර 10 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.

ආහාර අජීර්ණයක් හේතුවෙන් ඊයේ පිටියට නොපැමිණි රොෂ්න් සිල්වා අද දිවා ආහාරයට පෙර සාර්ථක පිතිහරඹයක යෙදෙමින් එංගලන්ත ‘ඒ’ කී‍්‍රඩකයන්ගේ ජයග‍්‍රහණය ප‍්‍රමාද කරමින් සිටියේය. ඉනිම අවසන් වන විට නොදැවී ලකුණු 63 ක් ලබා සිටි රොෂේන් පන්දු 140 කින් 8 ක් හතරේ සීමාවට හරවා යැවීය.

ශී‍්‍ර ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතාගේ පුතණුවන් වන මාධවට අනගි සහයක් දුන් චතුරංග ද සිල්වා (43) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක්ද, ඉෂාන් ජයරත්න (22) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක්ද, ධම්මික ප‍්‍රසාද් (10) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 15 ක් සහ රොෂේන් සිල්වා (නොදැවී 63) අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක සම්බන්ධතාවක්ද ගොඩනැංවීමට දායක වූහ.  

අද පෙරවරුවේ තරගය ආරම්භ කිරීමෙන් පසුව යැවුණු හයවැනි  ඕවරයේදී නොතිබූ ලකුණක් සොයා ගිය ඉෂාන් ජයරත්න ලකුණු 22 කට දුවද්දී දැවී යාමෙන් පසු ලකුණු 15 ක් එක්වන අතරවාරයේදී ධම්මික ප‍්‍රසාද්ද පිටියෙන් ඉවත් විය. එසේ වුවත් වඩාත් ධෛර්යවත් වූ පසුපෙළ පිතිකරුවෝ තේ පානයට විනාඩියක් දක්වාම එංගලන්ත ‘ඒ‘ පන්දු යවන්නන් වෙහෙසට පත්කළහ.

 


ලකුණු පුවරුව

එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) - පළමු ඉනිම 330
(වරූන් චොප්රා 58, ජේම්ස් ටේලර් 70, මොයීන් අලි 62, ධම්මික ප‍්‍රසාද් 68/4, චතුරංග ද සිල්වා 44/2, තරිඳු කෞෂාල් 95/3)

ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම 171
(උපුල් තරංග 30, චතුරංග ද සිල්වා 47, ධම්මික ප‍්‍රසාද් 50, කි‍්‍රස් වෝක්ස් 45/4, මුයීන් අලි 16/2)

එංගලන්ත ‘ඒ’ -දෙවැනි ඉනිම කඩුලු 8 ට 319
(කි‍්‍රස් වෝක්ස් - නොදැවී 92, ස්කොට් බෝර්ත්වික් 64, ධම්මික ප‍්‍රසාද් 51/2, චතුරංග ද සිල්වා 64/3, තරිඳු කෞෂාල් 98/3)

ශී‍්‍ර ලංකා ‘ඒ’ - දෙවැනි ඉනිම
උදාර ජයසුන්දර - ඇ.චොප්රා ප.ඔනියන්ස්    4
උපුල් තරංග - ඇ.බෝර්ත්වික් ප.වෝක්ස්    0
භානුක රාජපක්‍ෂ - ඇ. සහ ප.වෝක්ස්    20
මාධව වර්ණපුර - ඇ.බෙයාර්ස්ටෝ ප.ප්ලන්කට්    108
නිරෝෂන් දික්වැල්ල - ඇ.චොප්රා ප.ප්ලන්කට්    10
චතුරංග ද සිල්වා - ඇ.ටේලර් ප.මුයීන් අලි    43
ඉෂාන් ජයරත්න - දුවද්දී දැවී ගියා    22
ධම්මික ප‍්‍රසාද් - ඇ.ටේලර් ප.මිල්ස්    10
රොෂේන් සිල්වා - නොදැවී    63
තරිඳු කෞෂාල් - ක.මු.කළා ප.මුයීන් අලි    0
විශ්ව ප‍්‍රනාන්දු - ප.ප්ලන්කට්    1
අතිරේක     30
එකතුව  ඕවර 96.4 කදී සියලූ දෙනා දැවී     311

කඩුලූ වැටීම:
1-04(උදාර), 2-04(තරංග), 3-39(භානුක), 4-55(දික්වැල්ල), 5-123(චතුරංග), 6-167(ජයරත්න), 7-182(ධම්මික), 8-295(වර්ණපුර), 9-296(කෞෂාල්), 10-311(විශ්ව)

පන්දු යැවීම:
ග‍්‍රැහැම් ඔනියන්ස්  19-3-61-1, වෝක්ස් : 17-7-27-2, ටයිමල් මිල්ස් : 15-4-33-1, ලියාම් ප්ලන්කට් : 18.4-6-51-3, මුයීන් අලි : 17-3-59-2, ස්කොට් බෝර්ත්වික් : 10-0-50-1
විනිසුරුවරු
ප‍්‍රගීත් රඹුක්වැල්ල සහ රෝහිත කොට්ටච්චි


ඡයාරූපය : ශාන්ත රත්නායක

 


අදහස් (0)

එංගලන්ත ‘ඒ’ පිලට ලකුණු 167 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.