Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් එංගලන්ත ටෙස්ට් සංචිතයට පිතිකරු ජේම්ස් බ්‍රේසි සහ වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් ඇතුළත්ව සිටිති. එහෙත් විවේක දීම යයි කියමින් එංගලන්ත සංචිතයෙන් තරු රැසක් ඉවත් කර තිබේ.
එංගලන්ත තේරීම් කමිටුව ඉවත් කරමින් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාට සියලු බලතල පැවරීමෙන් අනතුරුව ඔහු විසින් නම් කරන ලද පළමු සංචිතය මෙයයි.
මොයින් අලි, ජොනී බෙයර්ස්ටෝ, ජොස් බට්ලර්, සෑම් කරන් සහ ක්‍රිස් වෝක්ස් යන ක්‍රීඩකයන් සියලු දෙනාටම විවේක දී තිබේ. තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් ආබාධයන්ට ලක්ව සිටීම නිසා ඔවුන් මෙම සංචිතයට තෝරා ගෙන නැත.
ප්‍රාන්ත ශූරතාවලියේ මෑත කාලීන දැක්වූ දස්කම් හේතුවෙන් ග්ලොස්ටෂයර් පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නකුද වන ජේම්ස් බ්‍රේසි සහ සසෙක්ස් වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් පළමු වරට ටෙස්ට් සංචිතයට කැඳවනු ලැබ සිටිති. එමෙන්ම 2019 වසරේ සැප්තැම්බර් මාසයේ දී අවසන් වරට එංගලන්ත ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රෙග් ඕවර්ටන් ද යළි සංචිතයට කැදවා ඇත.
ප්‍රාන්ත තරගාවලියේදී ලකුණු 478 ක් රැස් කර ගනිමින් 53.00 ක සාමාන්‍යයක් රඳවා ගැනීමට ජේම්ස් බ්‍රේසි සමත්වී ඇති අතර කඩුලු 29 ක් දවාගනිමින් කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 14.00 ක් ලෙස රඳවා ගැනීමට ඔලී රොබින්සන් සමත්වී ඇත.
“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ගිම්හානය සිත් ඇදගන්නා සුළුවෙයි. ලෝකයේ ඉහළම කණ්ඩායම් දෙක වන නවසීලන්තය සහ ඉන්දියාව සමගින් ක්‍රීඩා කිරීම වසර අවසානයේ ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලිය සඳහා අපට හොඳ සූදානමක් වෙනවා” යයි එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවසීය.
නවසීලන්තය සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය ජූනි මස 2 වැනිදා ආරම්භ වේ.
ජූනි 2 - 6 : පළමු ටෙස්ට් තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී
ජූනි 10 - 14 : දෙවැනි ටෙස්ට් තරගය බර්මින්හැම්හිදී
එංගලන්ත ටෙස්ට් සංචිතය
ජෝ රූට් (නායකයා), ජේම්ස් ඇන්ඩර්සන්, ජේම්ස් බ්‍රේසි, ස්ටුවර්ට් බ්‍රෝඩ්, රොරි බර්න්ස්, සැක් ක්‍රෝලි, බෙන් ෆෝක්ස්, ඩැනියෙල් ලෝරන්ස්, ජැක් ලීච්, ක්‍රේග් ඕවර්ටන්, ඔලී පොප්, ඔලී රොබින්සන්, ඩොමිනික් සිබ්ලි, ඔලි ස්ටෝන් සහ මාක් වුඩ්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.