එංගලන්ත පිල ඉන්දියාවේ දීර්ඝ සංචාරයක

එංගලන්ත කණ්ඩායම ලබන වසරේ පෙබරවාරී මාසයේදී ඉන්දියාවේ සංචාරය කරනු ඇත. ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් පසුව ඉන්දියාවට යන එංගලන්ත කණ්ඩායම ඉන්දියාවේදී ටෙස්ට් තරග 4 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 5 කට සහභාගි වනු ඇත.
පැවැත්වීමට නියමිත එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරයට ආදාල තරග කාල සටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.
පළමු ටෙස්ට් තරග 2 ක චෙන්නායිහිදී පැවැත්වෙන අතර ප්‍රේක්‍ෂකයින් 1,10000 ක පිරිසකට තරග නැරඹිය හැකි ලොව විශාලතම ක්‍රීඩාංගණය ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද අහමදාබාද්හී මොටෙරා ක්‍රීඩාංගණයේදී තෙවැනි (දිවා - රාත්‍රී) සහ සිව්වැනි ටෙස්ට් තරග 2 ත් පැවැත්වේ. තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලියත් අහමදාබාද්හිදීම පැවැත්වෙනු ඇත. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය පූනේ නුවරදී පැවැත්වේ.
මේ වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් දක්වා කාල සීමාවේදී ඉන්දියාව සහ එංගලන්තය අතර සීමිත ඕවර තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතය හේතුවෙන් එම තරගාවලිය කල් දැමුණි. එළඹෙන එංගලන්ත සංචාරය කොරෝනා වසංගතයෙන් පසුව ඉන්දියාවේදී පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය වනු ඇත.
තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය පෙබරවාරී 5 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වේ. තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලි මාර්තු 12, 14, 16, 18 සහ 20 යන දිනවලදී පැවැත්වෙන අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු 26, 26 සහ 28 දින වලදී පැවැත්වේ.
අහමදාබාද්හී පෙබරවාරී 24 වනදා ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගය දිවා-රාත්‍රී තරගයක් වන අතර ඒ සඳහා යොදාගනු ලබන්නේ රෝස පැහැති පන්දුවකි.
ඉන්දියාවේ කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් තරගාවලියට ප්‍රේක්‍ෂකයන්ට විවෘත කිරීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි. ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ප්‍රේක්‍ෂකයන්ට ක්‍රීඩාංගණවලට පැමිණීමට ඕස්ටේ්‍රලියාව අවසර දී ඇත්තේ කොන්දේසි සහිතවය.
ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව අතර මේ මස 26 වැනිදා ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන මෙල්බර්න් ක්‍රීඩාංගණයේ නරඹන්නන් 100,000 කට පහසුකම් ඇතත් එම තරගය නැරඹීම සඳහා අවසර ඇත්තේ 30,000 කට පමණි.
එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ තරග කාල සටහන
ටෙස්ට් තරගාවලිය
පෙබරවාරි 5-9 - පළමු ටෙස්ට් තරගය, චෙන්නායිහිදී
පෙබරවාරි 13-17 - දෙවැනි ටෙස්ට් තරගය, චෙන්නායිහිදී
පෙබරවාරි 24-28 - තෙවැනි ටෙස්ට් තරගය (දිවා-රත්‍රී), අහමදාබාද්හිදී
මාර්තු 4-8 - සිව්වැනි ටෙස්ට් තරගය, අහමදාබාද්හිදී
විස්සයි20 තරගාවලිය
මාර්තු 12 - පළමු විස්සයි20 තරගය, අහමදාබාද්හිදී
මාර්තු 14 - දෙවැනි විස්සයි20 තරගය, අහමදාබාද්හිදී
මාර්තු 16 - තෙවැනි විස්සයි20 තරගය, අහමදාබාද්හිදී
මාර්තු 18 - සිව්වැනි විස්සයි20 තරගය, අහමදාබාද්හිදී
මාර්තු 20 - පස්වැනි විස්සයි20 තරගය, අහමදාබාද්හිදී
එක්දින තරගාවලිය
මාර්තු 23 - පළමු එක්දින තරගය, පුනේහිදී
මාර්තු 26 - දෙවැනි එක්දින තරගය, පුනේහිදී
මාර්තු 28 - තෙවැනි එක්දින තරගය, පුනේහිදී
- 2079