Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත පිතිකරුවෝ ලකුණු සැණකෙළියේ
ලෝඩ්ස් ටෙස්ට් තරගය

එංගලන්ත පිතිකරුවෝ ලකුණු සැණකෙළියේ

editorial - 2023 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බෙන් ඩකට් ද්විත්ව ශතකය පෙනි පෙනී දැවී ගිය නමුත් අයර්ලන්ත පන්දු යවන්නන්ට රිසි සේ තලමින් තමන්ගේ මංගල ටෙස්ට් ද්විත්ව ශතකය සොයා යන ඔලී පෝප් (නොදැවී 197 ) අයර්ලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේදී පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේදී එංගලන්තයේ ලකුණු සංඛ්‍යාව 500 කඩයිමෙන් එපිටට තල්ලු කළේය. තරගයේ දෙවැනි දිනය වන අද (02 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිතිකරුවෝ කඩුලු 2 කට ලකුණු 503 ක් වාර්තා කළහ.

අළු බඳුන ටෙස්ට් තරගාවලියට පෙරහුරුවක් ලෙසින් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය දින 4 කට සීමා වන්නකි. එහෙත් මේ වන විටත් එංගලන්තයේ මුල් ඉනිමේ වාසිය ලකුණු 330 ඉක්මවා තිබෙන අතර තරගයේ සම්පූර්ණ දින දෙකකටත් වැඩි කාලයක් ඉතිරි වී තිබේ.

අයර්ලන්ත පිලට සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත හැකිවූයේ ලකුණු 172 කි.

එංගලන්ත ආරම්භක පිතිකරු සැක් ක්‍රෝලි ලකුණු 56 කට දැවී ගිය පසුව, බෙන් ඩකට් සමගන් එක්වූ පෝප්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 252 ක් එක් කළේය. ඒ වෙනුවෙන් දෙදෙනා ගතකළේ ඕවර 43.2 ක් පමණි. හතරේ පහර 24 ක් සහ හයේ පහරකට පසුව ඩකට් දැවී නොගියා නම් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ද්විත්ව ශතකය ලබාගැනීමේ අවස්ථාවත් ඔහුට තිබිණ. එහෙත් පන්දුව මාරු කළ අවස්ථාවේදී ග්‍රැහැම් හූම්ගේ පන්දුවක් හමුවේ වමත් පිතිකරුවා දැවී ගියේය.

අයර්ලන්තය තවමත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 6 කට පමණි. මේ ඔවුන්ගේ හත් වැනි ටෙස්ට් තරගයයි. මෙම තරගයට පෙර ගාල්ලේදී ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කළ අයර්ලන්තය එම තරග දෙකේදීම දරුණු පරාජයන් අත්වින්දේය.

ටෙස්ට් තරග 36 කට සහභාගි වී සිටින ඔලී පෝප් ටෙස්ට් ශතක 3 ක හිමිකරුවකු වන අතර සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකයට ලකුණු 03 ක් මෑතින් සිටී. අයර්ලන්තය එක ඉනිමකදී ලබාගත් ලකුණු 172 තනිවම පසුකර යාමට එංගලන්ත පිලේ පිතිකරුවෝ දෙදෙනෙක්ම සමත් වූහ.


අයර්ලන්තය - පළමු ඉනිම 172 යි
(ජේම්ස් මැකලම් 36, පීටර් මුවර් 10, පෝල් ස්ටර්ලිං 30, ලෝකන් ටකර් 18, කර්ටිස් කැම්පර් 33, ඇන්ඩි මැක්බ්‍රයින් 19, මාක් ඇඩෙයාර් 14, ස්ටුවර්ට් බ්‍රෝඩ් 51/5, මැතිව් පොට්ස් 36/2, ජැක් ලීච් 35/3)

එංගලන්තය - පළමු ඉනිම කඩුලු 2 ක් දැවී 480 යි
(සැක් ක්‍රෝලි 56, බෙන් ඩකට් 182, ඔලී පෝප් නොදැවී 197, ජෝ රූට් නොදැවී 52, ග්‍රැහැම් හූම් 85/1, ෆියොන් හෑන්ඩ් 113/1)

- 213


අදහස් (0)

එංගලන්ත පිතිකරුවෝ ලකුණු සැණකෙළියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.