Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටිම් මර්ටැග් (13/5), මාක් අඬේර් (32/3) සහ බොයිඞ් රැන්කින්ගේ (05/2) දක්ෂ පන්දු යැවීම හමුවේ ලෝඞ්හිදී අද (24 වැනිදා) ආරම්භවූ ටෙස්ට් තරගයේදී එංගලන්ත පළමු ඉනිම ලකුණු 85 කට සීමාකිරීමට අයර්ලන්තය සමත්විය.
එංගලන්ත නායක ජෝ රූට් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළද අයර්ලන්ත පන්දු යවන්නෝ ඔවුන්ගේ බලාපොරොත්තු කඩකිරීමට සමත්වූහ.
ලකුණු 23 ක් රැස්කළ ජෝ ඩෙන්ලි එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර ඔලී ස්ටෝන් ලකුණු 19 ක් සහ සෑම් කරන් ලකුණු 18 ක් ලබාගැනීමට සමත්වූහ.
ටෙස්ට් තරගයක ඉනිමකදී යවන ලද හොඳම පන්දු යැවීම වාර්තා කළ ටිම් මර්ටැග් ලකුණු 13 කට කඩුලු 5 දවාගත් අතර මාක් අඬේර් ලකුණු 32 කට කඩුලු 3 ක් සහ බොයිඞ් රැන්කින් ලකුණු 05 කට කඩුලු 2 ක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවෝ අසරණ කිරීමට සමත්වූහ.
5 වැනියට අඩුම ඕවර සංඛ්‍යාවකින් අවසන්වූ එංගලන්ත ඉනිම් ලෙස අද තරගය වාර්තා පොත් අතරට එක්විය.
තේ පානය සඳහා තරගය නතර කරනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි අයර්ලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 127 ක් රැස්කර සිටියේය. ඇන්ඩි බල්බර්නි ලකුණු 51 ක් සහ පෝල් ස්ටර්ලින් ලකුණු 35 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
ටෙස්ට් වරම් හිමිකර ගැනීමෙන් පසුව පාකිස්තානයට සහ ඇෆ්ඝනිස්තානයට එරෙහිව තරග වැදුණු ටෙස්ට් තරග දෙකම පරාජයට පත්වූ අයර්ලන්තය අද සහභාගීවන්නේ තෙවැනි ටෙස්ට් තරගයටයි. මෙම ටෙස්ට් තරගය දින 4 ක තරගයක් ලෙස පැවැත්වේ.
අද තරගයේදී ජේසන් රෝයි සහ ඔලී ස්ටෝන් එංගලන්තය වෙනුවෙන් ටේස් වරම් හිමිකරගත් අතර මාක් ඇඩයර් අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට සමත්විය.
එංගලන්ත පළමු ඉනිම - සියලුදෙනා දැවී 85
(ජෝ ඩෙන්ලි 23, ටිම් මර්ටැග් 13/5, මාක් ඇඩයර් 32/3, බොයිඞ් රැන්කින් 05/2)
අයර්ලන්ත පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 127
(ඇන්ඩි බල්බර්නි නොදැවී 51, පෝල් ස්ටර්ලින් නොදැවී 35, සෑම් කරන් 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.