Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උෂාන්ට යළිත් වරක් වාර්තාව මඟ හැරෙයි
එලියකන්ද තරණය

උෂාන්ට යළිත් වරක් වාර්තාව මඟ හැරෙයි

editorial - 2023 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 26 වැනි වරට සංවිධානය කළ ‘එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී තරගකරුවෙකු වාර්තා කළ වේගවත්ම තරග නිමි කාලයට හිමිකම් කියමින් තරගාවලියේ දක්ෂම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට උෂාන් පෙරේරා සමත් විය. එහෙත් ඉකුත් වසරේදී (2022) මෙන්ම මෙම වසරේදීද (2023) ඔහුට තත්පර එකහමාරකට අඩු කාලයකින් තරගාවලියේ හොඳම තරග නිමි කාලයේ වර්තාව අහිමි විය. 

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට සහභාගි වූ උෂාන්ට එම තරගයේ ගමන් වාරයක් නිමා කිරීම සඳහා ගතවූ අවම කාලය වූයේ තත්ත්පර 32.659 කි. කෙසේ වුවත් එදා මෙදා තුර එළියකන්ද තරණ ඉතිහාසයේ වේගවත්ම තරග නිමි කාලයේ වාර්තාව ලෙස සැලකෙන්නේ 2021 වසරේදී අශාන් සිල්වා විසින් පිහිටුවන ලද තත්ත්පර 31.26 ක වාර්තාවය. 

මෙවර තරගාවලියේදී අඩුම කාලයකින් තරගය නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගැනීමට සංගීත් සූරියගේ සමත් විය. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 450 දක්වා) සුපර් මෝටාඩ් යතුරුපැදි තත්ත්පර 33.439 කින් නිමා කරමිනි. එය එළියකන්ද තරණයේ නව යතුරුපැදි වාර්තාවක් ලෙසද සටහන් විය. 

මින් පෙර මෙම තරගාවලියේදී අඩුම කාලයකින් තරග වාරයක් නිමා කළ යතුරුපැදිකරුවා බවට පත්ව සිටියේ ජේඩ්න් ගුණවර්ධනය. ඔහු එම වාර්තාවට හිමිකම් කීවේ 2021 වසරේදී එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් විවෘත යතුරුපැදි තරගයේදී තත්ත්පර 33.63 ක කාලයක් වාර්තා කරමිනි.  

මාතර බ්‍රවුන්ස් කන්ද කේණ්ද්‍ර කරගෙන මීටර් 600 ක දිගකින් යුත් තාර ඇතිරූ මාර්ගයක පැවැති මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 13 ක් සහ යතුරුපැදි ඉසව් 13 ක් ඇතුළත් වූ අතර ඒ සඳහා තරගකරුවෝ 150 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිපෝන් පේන්ට් සමාගම කටයුතු කළ අතර මොබිටෙල්, වර්ත් ලංකා, මාතර ෆ්‍රීලන් සහ හරිෂ්චන්ද්‍ර කර්මාන් ශාලාව තරගාවලියේ සෙසු අනුග්‍රාහකයන් විය. 

 


අදහස් (0)

උෂාන්ට යළිත් වරක් වාර්තාව මඟ හැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.