Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උතුරු පිලට ලකුණු 6 ක තියුණු ජයක්

උතුරු පිලට ලකුණු 6 ක තියුණු ජයක්

රොෂාන් ගුණරත්න - 2013 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

නායක දිනේෂ් චන්දිමාල්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි/20 තරගයේදී කඳුරට මෙරූන්ස් කණ්ඩායම පරදවා ලකුණු 6 ක තියුණු ජයක් ලැබීමට උතුර යෙලෝස් කණ්ඩායම සමත්විය.

තරගයෙන් ජයගත් නමුත් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව උතුර යෙළෝස් පිල වෙතින් ගිළිහී ගියේ තරගාවලියේ තරග 3 කින් 2 ක්ම පරාජය වූ හෙයිනි.

මෙම තරගාවලියේ මූලික තරග අදින් අවසන් වූ අතර ලබන 17 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී කඳුරට මෙරූන්ස් පිල සහ බස්නාහිර ගී‍්‍රන්ස් පිල තරග වදිනු ඇත.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘අල්ට‍්‍රා ටෙක්’ සුපිරි  4 විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ හයවැනි තරගයේදී ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය කදුරට මෙරූන්ස් කණ්ඩායමට  ඕවර 20 අවසානයේ ලබාගත හැකිවුයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 152 ක් පමණි.

උතුර යෙලෝස් කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට දුන් උඩපන්දු 2 ක්ම බිම දැමීම නිසා හයේ පහර 3 ක් හා හතරේ පහර 10 ක් සමගින් පන්දු 54කදී ලකුණු 90 ක් ලබා ගැනිමට තිළිණ කණ්ඩම්බි සමත් විය. එහෙත් කඳුරට පිලේ සෙසු පිතිකරුවන්ගෙන් කණ්ඩම්බිට කිසිදු සහයෝගයක් නොලැබිණ.

කණ්ඩම්බි හැරුණු විට කඳුරට පිල වෙනුවෙන් ඉලක්කම් දෙකකින් කියැවෙන ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ පබසර වඩුගේ පමණි. පබසර පන්දු 20 කදී ලකුණු 19 ක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් උතුර යෙලෝස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 158 රැස්කරගැනීමට සමත් විය. විශිෂ්ට පිතිහරඹයක නිරතවු දිනේෂ් චන්දිමාල්, හයේ පහර 3 ක් හා හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 93 ක් ලබා ගත්තේ පන්දු 57 කට පමණක් මුහුණ දෙමිනි.

දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේදී පිට පිට ලබාගත් දෙවන අර්ධ ශතකය මෙයයි. චන්දිමාල් හැරුණු විට මෙම තරගාවලියේදී එක්වරක් හෝ ලකුණු 50 සීමාව පසුකර යා හැකිවූයේ තිලිණ කණ්ඩම්බිට පමණි.

 

ලකුණු පුවරුව

උතුර යෙලෝස්

මහේල ජයවර්ධන - ඇ.ලොකුහෙට්ටිගේ ප.මෙන්ඩිස් 17

මහේල උඩවත්ත - ක.මු.කළා ප.ප‍්‍රසාද්  6

දිනේෂ් චන්දිමාල් - නොදැවී 93

රමික් රඹුක්වැල්ල - ඇ.සංගක්කාර ප.මෙන්ඩිස් 0

චාමර කපුගෙදර - ඇ.වඩුගේ ප.ලොකුආරච්චි 5

ජීවන් මෙන්ඩිස් - ඇ.වඩුගේ ප.ප‍්‍රසාද් 21

තිසර පෙරේරා - නොදැවී 10

අතිරේක  6

එකතුව  ඕවර 20 කදී කඩුලු 5ක් දැවී 158

කඩුලු වැටීම:  1-22 (උඩවත්ත), 2-38 (ජයවර්ධන), 3-38 (රඹුක්වැල්ල), 4-49 (කපුගෙදර), 5-132 (මෙන්ඩිස්)

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ: ශමින්ද එරංග, චතුර පීරිස්, අලංකාර අසංක, මදුශංක ඒකනායක

පන්දු යැවීම:

සුරාජ් රන්දිව්: 3-0-25-0, දිල්හාර ලොකුහෙට්ටිගේ: 4-0-36-0, ධම්මික ප‍්‍රසාද්: 4-0-26-2, අජන්ත මෙන්ඩිස්: 4-0-34-2,  කෞෂාල් ලොකුආරච්චි: 3-0-19-1, මිලින්ද සිරිවර්ධන: 2-0-15-0

කදුරට මෙරූන්ස්

උපුල් තරංග - ඇ.අසංක ප.පීරිස් 1

තිළිණ කණ්ඩම්බි - ප.පෙරේරා 90

පබසර වඩුගේ - ස්ට.චන්දිමාල් ප.අසංක  19

කුමාර් සංගක්කාර - ඇ.සහ ප.රඹුක්වැල්ල 4

කෞෂාල් ලොකුආරච්චි - ප.ඒකනායක  7

ළහිරු තිරිමාන්න - ප.රඹුක්වැල්ල 7

දිල්හාර ලොකුහෙට්ටිගේ - ඇ.ඒකනායක ප.එරංග 7

මිලින්ද සිරිවර්ධන - නොදැවී 2

සුරාජ් රන්දිව් - නොදැවී 8

අතිරේක 6

එකතුව  ඕවර 20 කදී කඩුලු 7ක් දැවී 152

කඩුලු වැටීම:  1-3 (තරංග), 2-60 (වඩුගේ), 3-80 (සංගක්කාර), 4-90 (ලොකුආරච්චි), 5-106 (තිරිමාන්න), 6-133 (ලොකුහෙට්ටිගේ), 7-142 (කණ්ඩම්බි)

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ: ධම්මික ප‍්‍රසාද්, අජන්ත මෙන්ඩිස්

පන්දු යැවීම:

රමික් රඹුක්වැල්ල: 4-0-14-2, චතුර පීරිස්: 2-0-18-1, ශමින්ද එරංග: 4-0-28-1, තිසර පෙරේරා: 3-0-26-1,  මදුශංක ඒකනායක: 4-0-39-1, අලංකාර අසංක: 3-0-26-1

 

(ඡායාරූපය: ශාන්ත රත්නායක)


අදහස් (4)

උතුරු පිලට ලකුණු 6 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.