Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය වි:20 සංචිතයට කෝලි යළි කැඳවයි
ආසියානු කුසලාන

ඉන්දීය වි:20 සංචිතයට කෝලි යළි කැඳවයි

editorial - 2022 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ඉන්දීය සංචිතයට හිටපු නායක විරාට් කෝලි ඇතුළත් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කොදෙව් සංචාරයේදී විවේක ගන්වා සිටි උප නායක ලොකේෂ් රාහුල්ද යළිත් සංචිතයට එක්ව සිටියි.

රෝහිත් ශර්මා නායකත්වය දරන ඉන්දීය සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙක් ඇතුළත්ව සිටින අතර සූර්යකුමාර් යාදව්, දීපක් හූඩා, රිෂාබ් පාන්ට් සහ දිනේෂ් කාර්තික් එහි මැද පෙළ පිතිකරුවෝ ලෙස කටයුතු කරති.

හර්දීක් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජදේජා සහ රවිදන්ද්‍රන් අෂ්වින් තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස කටයුතු කරන අතර යුස්වේන්ද්‍ර චාහල්, රවි බිෂෝනි, බුවනේෂ්වර් කුමාර්, අර්ෂ්දීප් සිං සහ අවේෂ් ඛාන් එහිදී පන්දු යැවීමේ බළෑණිය ශක්තිමත් කරති.

කෙසේ වුවත් ඉන්දීය කණ්ඩායමේ අංක එකේ වේග පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බුම්රා සහ තවත් වේග පන්දු යවන ක්‍රීඩකයකු වන හර්ෂාල් පටේල් විවිධ ආබාධ තත්ත්වයන්ට ගොදුරුවී සිටීම හේතුවෙන් මෙම තරගාවලියේ තේරීම් කටයුතු සඳහා සලකා බැලීමට ලක් නොවූහ.

මැද පෙළ පිතිකරු ශ්‍රෙයාස් අයියර්, තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අක්සර් පටේල් සහ දීපක් චාහර් තරගාවලිය සඳහා නම් කර ඇති ඉන්දීය සංචිතයේ අතිරේක ක්‍රීඩකයෝ ලෙස කටයුතු කරති. ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන්ට සහ මැද පෙළ පිතිකරු සංජු සැම්සන්ට මෙම සංචිතයේ ස්ථාන හිමිව නොමැත.


ඉන්දීය සංචිතය
රෝහිත් ශර්මා (නායක), ලෝකේෂ් රාහුල් (උප නායක), විරාට් කෝලි, සූර්යකුමාර් යාදව්, දීපක් හූඩා, රිෂාබ් පාන්ට්, දිනේෂ් කාර්තික්, හර්දීක් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජදේජා, රවිචන්ද්‍රන් අෂ්වින්, යුස්වේන්ද්‍ර චාහල්, රවි බිෂෝනි, බුවනේෂ්වර් කුමාර්, අර්ෂ්දීප් සිං සහ අවේෂ් ඛාන්


-036


අදහස් (0)

ඉන්දීය වි:20 සංචිතයට කෝලි යළි කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.