Last Update  :  2025-07-19 11:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය ප්‍රවීණයෝ අවසන් සටනට
රෝඩ් සේෆ්ටි වල්ර්ඩ් සීරීස්

ඉන්දීය ප්‍රවීණයෝ අවසන් සටනට

editorial - 2022 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘රෝඩ් සේෆ්ටි වල්ර්ඩ් සීරීස්’ විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු ප්‍රවීණයන්ගේ කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගැනීමට ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම අද (29 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ප්‍රවීණයෝ, කඩුලු 5 ක් පමණක් දැවී පන්දු 4 ක් ඉතිරිව තිබියදී ඉලක්කය පසුකර ගියහ. තරගය ජයගැනීම සඳහා ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායමට අවසන් ඕවර 2 දී ලකුණු 24 ක් රැස්කිරීමට සිදුවූ අතර ඩර්ක් නැනිස් යැවූ 19 වැනි ඕවරයේ මුල් පන්දු 3 ට හයේ පහර 3 ක් එල්ල කළ ඉර්ෆාන් පතාන් සිය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය. 

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ පතාන් පන්දු 12 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් රැස්කරමින් ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නාමන් ඕජා පන්දු 62 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 90 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු ප්‍රවීණයන්ගේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් ලබාගත් අතර එහිදී බෙන් ඩන්ක් පන්දු 26 කින් ලකුණු 46 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. අවසන් ඕවර කිහිපයේදී පන්දු 18 කට මුහුණදුන් කැමරන් වයිට් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 30 ක් රැස්කළේය. 

ඕස්ට්‍රේලියානු ප්‍රවීණයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 171 
(ෂේන් වොට්සන් 30, ඇලෙක්ස් ඩූලන් 35, බෙන් ඩන්ක් 46, කැමරන් වයිට් නොදැවී 30, අභිමන්‍යු මිතුන් 25/2, යූසෆ් පතාන් 36/2) 

ඉන්දීය ප්‍රවීණයන්ගේ පිල - ඕවර 19.2 කදී කඩුලු 5 කට 175 
(නාමන් ඕජා නොදැවී 90, යුවරාජ් සිං 18, ඉර්ෆාන් පතාන් නොදැවී 37, ෂේන් වොට්සන් 16/2) 

-036


අදහස් (0)

ඉන්දීය ප්‍රවීණයෝ අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.