Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඊයේ (1 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දයාලන් හේමලතා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109 ක් පමණි.
ඕවර 2.2 ක් යවමින් ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත් හේමලතා, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පසුපෙළ පිතිකාරිණියන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොදුන්නාය. දීප්ති ශර්මා සහ පූජා වස්ත්‍රකාර් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා හේමලතාට අනගි සහායක් දුන්හ.
ශ්‍රී ලංකා කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ හසිනි පෙරේරා පන්දු 32 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කළාය. ආරම්භක පිතිකාරිණී හර්ෂිතා මාධවී පන්දු 20 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 26 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගියාය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 150 ක් ලබාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ජෙමිමා රොඩි්‍රගස් පන්දු 53 කින් ලකුණු 76 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගිනි. එය ඇගේ 8 වැනි විස්සයි-20 අර්ධ ශතකය විය.
ලකුණු 23 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී නායිකා හර්මන්ප්‍රීත් කෞර් (33) සමග එක්ව ඉන්දීය කාන්තා ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රොඩි්‍රගස් සමත් වූවාය. පන්දු 30 කදී වාර්තා වූ කෞර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
ඉන්දීය කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 150
(ජෙමිමා රොඩි්‍රගස් 76, හර්මන්ප්‍රීත් කෞර් 33, ඕෂධී රණසිංහ 32/3)
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 109
(හර්ෂිතා මාධවී 26, හසිනි පෙරේරා 30, දයාලන් හේමලතා 15/3, පූජා වස්ත්‍රකාර් 12/2, දීප්ති ශර්මා 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.