Last Update  :  2025-12-16 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය කි‍්‍රකට් මුල් පුටුව ගවස්කාර්ට

ඉන්දීය කි‍්‍රකට් මුල් පුටුව ගවස්කාර්ට

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දීය පි‍්‍රමියර් ලීග් හෙවත් අයි. පී. එල්. තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේදී ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධානියා වශයෙන් හිටපු ටෙස්ට් පිතිකරු සුනිල් ගවස්කාර් මහතා පත්කරනු ලැබ ඇත. ඉන්දීය උපරිමාධිකරණයේ නියෝගයකින් මෙම පත්කිරීම කර ඇත්තේ අයි. පී. එල්. තරගාවලිය පැවැත්වෙන අතරතුරදී ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධානියා වන එන්. ශී‍්‍රනිවාසන් මහතා එම තනතුරින් ඉවත් කරමිනි.

ශී‍්‍රනිවාසන් මහතාට සිය තනතුරන් ඉවත් වන්න යයි දින තුනකට පෙර ඉන්දීය උපරිමාධිකරණය අවවාද කළත් ඔහු එම තනතුරෙන් ඉවත් නොවීම නිසා තනතුරෙන් ඉවත් වන ලෙස සිකුරාදා (28 වැනිදා) ඉන්දීය උපරිමාධිකරණය නියෝගයක් නිකුත් කළේය.

පසුගිය වසරේදී පැවැති අයි. පී. එල්. තරගාවලියේදී තරග පාවාදීම් සඳහා කණ්ඩායම් තොරතුරු බාහිර පුද්ගලයන්ට සැපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප‍්‍රධානී ගුරුනාත් මෙයියප්පන් මහතා ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන්ය. එවන් තත්ත්වයක් යටතේ ශී‍්‍රනිවාසන් මහතා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුර දැරීම අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සඳහා අහිතකර තත්ත්වයක් යයි ඉන්දීය උපරිමාධිකරණය කියයි.

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුරට පත්වීම හේතුවෙන් සුනිල් ගවස්කාර් මහතා මේ වන විට නිරතව සිටින රූපවාහිනී විස්තර විචාරක කටයුතු වහාම නතර කළ යුතු බවත් ඒ වෙනුවෙන් ඔහුට අලාභයක් නොවනු පිණිස, සභාපති තනතුර දරන සමයේදී ඔහුගේ ආදායම නිසි පරිදි ගෙවීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය පියවර ගත යුතු බවත් ඉන්දීය උපරිමාධිකරණය නියෝග කරයි.

ඉන්දීය උපරිමාධිකරණයේ නියෝගය අනුව, නැවත දැනුම්දෙන තුරු, අයි. පී. එල්. තරගාවලිය සම්බන්ධ නොවන සෙසු කටයුතු පිළිබඳව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයකු මෙන්ම හිටපු ටෙස්ට් කී‍්‍රඩකයකුද වන ශිව්ලාල් යාදව් සොයා බලනු ඇත.

ඉන්දියානු සිමෙන්ති සමාගමේ ප‍්‍රධානියාද වන ශී‍්‍රනිවාසන් මහතා මේ වසරේ ජූලි මාසයේදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සභාපතිවරයා වශයෙන්ද වැඩ බාරගැනීමට නියමිතය.

ඔට්ටුකරුවන්ගේ උපදෙස් මත කී‍්‍රඩා කිරීම සඳහා මුදල් ලබාගත් බවට චෝදනා කරමින් රජස්ථාන් රෝයල්ස් පිලට කී‍්‍රඩා කළ ටෙස්ට් කී‍්‍රඩක ශාන්තකුමාරන් ශී‍්‍රසාන්ත් සහ තවත් කී‍්‍රඩකයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමත් සමගම අයි. පී. එල්. තරගාවලියේ තරග පාවාදීමේ තොරතුරු හෙළිදරව් වන්නට පටන් ගැනිණ. ශි‍්‍රීසාන්ත් මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කළ නමුත් පසුව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් ඔහුට ජීවිතාන්තය දක්වාම කි‍්‍රකට් තරග තහනම් කරන ලදි.

මේ සම්බන්ධයෙන් පැවැත්වෙන මීලග නඩුවාරය අපි‍්‍රයෙල් මස 16 වැනිදා කැඳවීමටද ඉන්දීය උපරිමාධිකරණය තීරණය කර තිබේ.

ශී‍්‍රනිවාසන් මහතා තනතුරෙන් ඉවත් කරන ලෙසත් ඔහු තනතුරේ රැුඳී සිටීම සාධාරණ පරීක්‍ෂණයකට බාධාවක් බවත් ප‍්‍රකාශ කරමින් අධිකරණයට පෙත්සමක් ගොනු කළ බිහාර් කි‍්‍රකට් සංගමයේ ආදිත්‍ය වර්මා මහතා පවසන්නේ ශී‍්‍රනිවාසන් මහතා තනතුරෙන් ඉවත් කිරීම ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩාවේ අඳුරු කාලපරිච්ඡ්දයක නිමාව බවයි.

”මේ කි‍්‍රකට් කී‍්‍රඩාව පිරිසිදු කිරීමේ පළමු පියවරයි. ඇත්තවශයෙන්ම ගෙන බැලූවොත් ශී‍්‍රනිවාසන්  මහතා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය ඇපයට තබාගෙන සිටියා”
”ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ඒ ඒ නිලධාරීන්ට පැවරෙන කටයුතු මේ වන විට නියම කරලා තිබෙන එක ගැන අපට නම් තිබෙන්නේ සතුටක්” යයිද නවදිල්ලියේ උපරිමාධිකරණයෙන් පිටතදී වර්මා මහතා පැවසීය.

හත්වැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමත් රාස්තාන් රෝයල්ස් කණ්්ඩායමත් සහභාගි නොවිය යුතු යයි ඉන්දීය උපරිමාධිකරණය කලින් දන්වා සිටි නමුත් පසුව එම තීරණය වෙනස් කරමින් සුනිල් ගවස්කාර් මහතාගේ තාවකාලික සභාපතිත්වය යටතේ එම කණ්ඩායම් දෙකටද අයි. පී. එල්. තරගාවලියට සහභාගි වීමේ අවසරය දී තිබේ.
මෙම අවසරය නොලැබුණේ නම් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයට ඩොලර් බිලියන 1.5 ක පමණ අලාභයක් සිදුවීමට නියමිතව තිබුණු බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පත වාර්තා කර තිබිණ.

 ඔට්ටු දමන්නන්ගේ උපදෙස් මත කී‍්‍රඩා කර ඇතැයි චෙන්නායි සුපර් කිංගස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් දෙකට චෝදනා එල්ල වී තිබිණ.

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන හෙයින් මෙවර අයි. පී, එල්. තරගාවලියේ පළමු අදියර අපේ‍්‍රල් මස 16 වැනිදා සිට 30 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.

ඉන්දීය මැතිවරණය මැයි මස 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඡුන්ද විමසීම අවසන් වූ දිස්ති‍්‍රක්ක වලදී මැයි මස 1 වැනිදා සිට 12 වැනිදා අයි. පී. එල්. තරග පැවැත්වීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය ස්වදේශීය කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. යම් හෙයකින් අවශ්‍ය ආරක්‍ෂාව සැපයීමට ස්වදේශීය කටයුතු අමාත්‍යංශය අපොහොසත් වන්නේ නම් අයි. පී. එල්. තරගාවලිය සඳහා ඔවුන්ගේ විකල්ප ස්ථානය වන්නේ බංග්ලාදේශයයි.


අදහස් (0)

ඉන්දීය කි‍්‍රකට් මුල් පුටුව ගවස්කාර්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.