Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට සැනසුම් සහගත ජයක්

ඉන්දියාවට සැනසුම් සහගත ජයක්

editorial - 2021 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 42 වැනි තරගය ලෙස ඉන්දියාව සහ නැමීබියාව අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැත්වෙන තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දීයාව සමත් විය. මෙම තරගයෙන් ජය ලැබුවද ඔවුන්ට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම ආපසු ඉන්දියාවට බලා යෑමට සිදුවූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිකිකරුවෝ ඕවර 15.2 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්යක පසුකර ගියහ. ආරම්භක පිතිකරු යුගලය වූ රෝහිත් ශර්මා (56) සහ ලෝ‍කේෂ් රාහුල් (නොදැවී 54) අර්ධ ශතක ලබාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

පළමු කඩුල්ල වෙනුවෙන් රෝහිත් ශර්මා සමග එක්ව පන්දු 59 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලෝකේෂ් රාහුල්, ඉන් නොනැවතී සූර්යකුමාර් යාදව් (නොදැවී 25) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 50 නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 37 කට මුහුණදුන් ශර්මා හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සිය 23 වැනි විස්සයි-20 අර්ධ ශතකය සැරසූ අතර පන්දු 36 කදී වාර්තා වූ රාහුල්ගේ 14 වැනි විස්සයි-20 අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. සූර්යකුමාර් පන්දු 19 කදී ලකුණු 25 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලිගේ ආරාධයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියාව ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 132 ක් රැස්කළේය. නැමීබියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඩේවිඩ් වයිස් පන්දු 25 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු ස්ටෙෆාන් බාර්ඩ් පන්දු 21 කදී ලකුණු 21 ක් රැස්‍කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවින්ද්‍ර ජදේජා ලකුණු 16 කට කඩුලු 3 ක්ද, රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 20 කට කඩුලු 3 ක්ද දවාගැනීමට සමත් වූහ. නැමීබියානු පිතිකරුවන් අසරණ කිරීම සඳහා ජ‍දේජාට සහ අෂ්වින්ට අනගි සහායක් දුන් ජස්ප්‍රීට් බුම්රා ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.

 

නැමීබියාව - ඕවර 20 කදී කඩුලු 8 කට 132
(ස්ටෙෆාන් බාර්ඩ් 21, මයිකල් වැන් ලින්ගෙන් 14, ඩේවිඩ් වයිස් 26, රවින්ද්‍ර ජදේජා 16/3, රවිචන්ද්‍රන් අෂ්වින් 20/3, ජස්ප්‍රීට් බුම්රා 19/2)

ඉන්දියාව - ඕවර 15.2 කදී කඩුල්ලක් දැවී 136
(ලෝකේෂ් රාහුල් නොදැවී 54, රෝහිත් ශර්මා 56, සූර්යකුමාර් යාදව් නොදැවී 25)


අදහස් (0)

ඉන්දියාවට සැනසුම් සහගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.