Last Update  :  2026-02-18 23:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට ලකුණු 17 ක ජයක්
විස්සයි-20 ලෝක කුසලාන

ඉන්දියාවට ලකුණු 17 ක ජයක්

editorial - 2026 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ අද (18 වැනිදා) අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති මූලික වටයේ තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 17 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙම ජයත් සමග මූලික වටයේ සියලු ‍තරග ජයගෙන අපරාජිතව සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමටද ඉන්දියාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තයට වරුණ් චක්‍රවර්ති ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 176 ක් පමණි. එහිදී වරුණ් ඕවර 3 ක් යවමින් ලකුණු 14 කට කඩුලු 3 ක් බිඳහෙළූ අතර ජස්ප්‍රීට් බුම්රා සහ හර්දීක් පාණ්ඩ්‍යා කඩුල්ල බැගින් දවාගත්හ.

නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බස් ඩි’ ලීඩ් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක් රැස්කළ අතර නොවා කෘස් පන්දු 12 කින් නොදැවී ලකුණු 25 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. සැච් ලයන් කැචෙට් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක්ද, ආරම්භක පිතිකරු මයිකල් ලෙවිට් පන්දු 23 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 24 ක්ද රැස්කළහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 6 ක දැවී ලකුණු 193 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නි‍රත වූ ශිවම් ඩූබේ පන්දු 31 කින් ලකුණු 66 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. හර්දීක් පාණ්ඩ්‍යා (30) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩූබේ සමත් විය.

පන්දු 21 කදී වාර්තා වූ පාණ්ඩ්‍යාගේ ඉනිම හයේ පහර 3 කින් සමන්විත වූ අතර නායක සූර්යකුමාර් යාදව් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 28 කින් ලකුණු 31 ක්ද, තිලක් වර්මා හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 27 කින් ලකුණු 31 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 193
(ඉෂාන් කිෂන් 18, තිලක් වර්මා 31, සූර්යකුමාර් යාදව් 34, ශිවම් ඩූබේ 66, හර්දීක් පාණ්ඩ්‍යා 30, ලෝගන් වැන් බීක් 56/3, ආර්යන් දත් 19/2) 

නෙදර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 176   
(මයිකල් ලෙවිට් 24, මැක්ස් ඔ’ඩොව්ඩ් 20, බස් ඩි’ලීඩ් 33, කොලින් ඇකර්මාන් 23, සැච් ලයන් කැචෙට් 26, නොවා කෘස් නොදැවී 25, වරුණ් චක්‍රවර්ති 14/3, ශිවම් ඩූබේ 35/2) 

-036

 


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 17 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.