Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව අපරාජිතව සුපිරි 4 දෙනාගේ වටයට
ආසියානු කුසලාන

ඉන්දියාව අපරාජිතව සුපිරි 4 දෙනාගේ වටයට

editorial - 2022 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ යටතේ හොං කොං රාජ්‍යය‍ට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 40 ක පහසු ජයක් ලැබූ ඉන්දියාව, ‘එ්’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය හොං කොං කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි. හොං‍ කොං ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බාබර් හයාට් පන්දු 35 කින් ලකුණු 41 ක් රැස්‍කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. කින්චිට් ෂා පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක් රැස්කළේය.

අවසන් ඕවර කිහිපයේදී ලකුණු ලබාගැනීම වේගවත් කළ සීසාන් අලී පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 26 ක්ද, සුකොට් මැකෙච්නනී පන්දු 8 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 16 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.රවින්ද්‍ර ජදේජා, බුවනේෂ්වර් කුමාර්, අර්ෂ්දීප් සිං සහ ‍අවේෂ් ඛාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

කාසියේ වාසිය දිනූ හොං කොං නායක නිසාකත් ඛාන්ගේ ආරාධ‍නයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 192 ක් ලබාගත්තේය. සූර්යකුමාර් යාදව් (නොදැවී 68) සහ විරාට් ‍කෝලි (නොදැවි 59) එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 42 කදී ලකුණු 98 ක නොබිඳුණ වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ සූර්යකුමාර් යාදව්, පන්දු 26 කදී වාර්තා වූ සිය අර්ධ ශතකය හයේ පහර 6 කින් සහ හතරේ පහර 6 කින් සැරසුවේය. ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත්වූ කෝලි, පන්දු 44 කට මුහුණදෙමින් ලබාගත් අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහරකින් සමන්විත විය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලෝකේෂ් රාහුල් (36) සමග එක්ව පන්දු 49 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කෝලි සමත් විය. පන්දු 39 කදී වාර්තා වූ රාහුල්ගේ ඉනිමට හයේ පහර 2 ක් ඇතුළත් විය. ‍මොහොමඩ් ඝසන්ෆර්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ස්කොට් මැකෙච්නනී අතට උඩ පන්දුවක් දෙමින් රාහුල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

 

ඉන්දියාව
ලෝකේෂ් රාහුල් - ඇ.ස්කොට් ප.ඝසන්ෆර්     36
රෝහිත් ශර්මා - ඇ.අයිසාස් ප.ශුක්ලා             21
විරාට් කෝලි - නොදැවී                                 59
සූර්යකුමාර් යාදව් - නොදැවී                           68
අතිරේක                                                         8
එකතුව ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී             192

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
රිෂාබ් පාන්ට්, රවින්ද්‍ර ජදේජා, දිනේෂ් කාර්තික්, බුවනේෂ්වර් කුමාර්, අවේෂ් ඛාන්, යුස්වේන්ද්‍ර චාහල් සහ අර්ෂ්දීප් සිං

කඩුලු වැටීම :
1-38(ශර්මා), 2-94(රාහුල්)

පන්දු යැවීම :
හරූන් අර්ෂාඩ් 3-0-53-0, අයුෂ් ශුක්ලා 4-0-29-1, එ්සාන් ඛාන් 4-0-26-0, අයිසාස් ඛාන් 3-0-37-0, යසීම් මුර්ටාසා 4-0-27-0, මොහොමඩ් ඝසන්ෆර් 2-0-19-1

 

හොං කොං

නිසාකත් ඛාන් - දුවද්දී දැවී ගියා                     10
යසීම් මුර්ටාසා - ඇ.‍අවේෂ් ප.අර්ෂ්දීප්                9
බාබර් හයාට් - ඇ.අවේෂ් ප.ජදේජා                 41
කින්චිට් ෂා - ඇ.රවී (අතිරේක) ප.බුම්රා          30
අයිසාස් ඛාන් - ප.අවේෂ්                                14
සීෂාන් අලී - නොදැවී                                     26
සුකොට් මැකෙච්නනී - නොදැවී                     16
අතිරේක                                                         6
එකතුව ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී             152

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
හරූන් අර්ෂද්, එෂාන් ඛාන්, අයුෂ් ශුක්ලා සහ‍ මොහොමඩ් ඝසන්ෆර්

කඩුලු වැටීම :
1-12(යසීම්), 2-51(නිසාකත්), 3-74(බාබර්), 4-105(අයිසාස්), 5-116(කින්චිට්),

පන්දු යැවීම :
බුවනේෂ්වර් කුමාර් 3-0-15-1, අර්ෂ්දීප් සිං 4-0-44-1, රවින්ද්‍ර ජදේජා 4-0-15-1, අවේෂ් ඛාන් 4-0-53-1, යුස්වේන්ද්‍ර චාහල් 4-0-18-0, විරාට් කෝලි 1-0-06-0


අදහස් (0)

ඉන්දියාව අපරාජිතව සුපිරි 4 දෙනාගේ වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.