Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරග කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඉන්දීය කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 121 ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ, කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 58 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. සායි සුදර්ෂන් ලකුණු 39 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.
ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 270 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් කොදෙව්වෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 390 ක් රැස්කිරීමට සමත් වූහ. එහිදී අගනා ශතක ලබාගැනීමට ජෝන් කැම්බල් (115) සහ ශායි හෝප් (103) සමත් වූ අතර ජස්ටින් ග්‍රේව්ස් නොදැවී ලකුණු 50 ක් රැස්කළේය.
ලකුණු 35 කට කඩුලු 2 ක් බිඳ වැටී තිබියදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් 177 ක සම්බන්ධතාවක් ගොඩගැනීමට කැම්බල් සහ හෝප් සමත් වූ අතර එහිදී කැම්බල්ගේ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 12 කින්ද, හෝප්ගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින්ද සමන්විත විය.
ඉන්දීය පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 518
(යශස්වි ජයිස්වාල් 175, ලෝකේෂ් රාහුල් 38, සායි සුදර්ශන් 87, ශුබ්මන් ගිල් නොදැවී 129, නිතිෂ් රෙඩ්ඩි 43, ධෘව් ජුරෙල් 44, ජොමෙල් වැරිකන් 98/3)
කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 248
(ටැජෙනරින් චන්ද්‍රපෝල් 34, ඇලික් ඇතෑන්ස් 41, ශායි හෝප් 36, තෙවින් ඉම්ලැච් 21, ඛැරී පෙයිරි 23, ඇන්ඩර්සන් පිලිප් නොදැවී 24, කුල්දීප් යාදව් 82/5, රවින්ද්‍ර ජදේජා 46/3)
කොදෙව් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 390
(ජොන් කැම්බල් 115, ශායි හෝප් 103, රොස්ටන් චේස් 40, ජස්ටින් ග්‍රේව්ස් නොදැවී 50, ජේඩ්න් සීල්ස් 32, ජස්ප්‍රීට් බුම්රා 44/3, කුල්දීප් යාදව් 104/3, මොහොමඩ් සිරාජ් 43/2)
ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 124
(ලෝකේෂ් රාහුල් නොදැවී 58, සායි සුදර්ශන් 39, රොස්ටන් චේස් 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.