Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව අවසන් පූර්ව වටයට

ඉන්දියාව අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2017 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කරගත් ඉන්දියාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

දකුණු අප්‍රිකාව 
ක්වින්ටින් ඩි’කොක් - ප. ජදේජා  53
හෂීම් අම්ලා - ඇ. දෝනි ප. අශ්වින් 35
ෆෆ් ඩුප්ලෙසි - ප. පාණ්ඩ්‍යා 36
ඒ. බී. ඩිවිලියස් - දුවද්දී දැවී ගියා 16
ඩේවිඩ් මිලර් - දුවද්දී දැවී ගියා 1
ජේ.පී.ඩුමිනි - නොදැවී  20
ක්‍රිස් මොරිස් - ඇ. කුමාර් ප. බුම්රා 4
ඇන්ඩ්ල් පෙලොක්වායෝ - ක.මු.කළා ප. බුම්රා 4
කගිසෝ රබාඩා - ඇ. දෝනි ප. කුමාර් 5
මෝර්න් මෝකල් - ඇ. කෝලි ප. කුමාර් 0
ඉම්රාන් තහීර් - දුවද්දී දැවී ගියා 1
අතිරේක (පා-6, ව-10) 16
එකතුව ඕවර 44.3 කදී සියළු දෙනා දැවී     191
කඩුලු වැටීම 
1-76 (අම්ලා), 2-116 (ඩි’කොක්), 3-140 (ඩිවිලියස්), 4-142 (මිලර්), 5-157 (ඩුප්ලෙසි), 6-167 (මොරිස්), 7-178 (පෙලොක්වායෝ), 8-184 (රබාඩා), 9-184 (මෝකල්), 10-191 (තහීර්)
පන්දු යැවීම
බුවනේෂ් කුමාර් 7.3-0-23-2 ව-2
ජස්ප්‍රීට් බුම්රා 8-0-28-2 ව-2
රවිචන්ද්‍රන් අශ්වින් 9-0-43-1 ව-3
හර්දික් පාණ්ඩ්‍යා 10-0-52-1 ව-3
රවින්ද්‍ර ජදේජා 10-0-39-1  
ඉන්දියාව 
රෝහිත් ශර්මා - ඇ. ඩි’කොක් ප. මෝකල්  12
ශිකර් ධවාන් - ඇ. ඩුප්ලෙසි ප. තහිර් 78
විරාට් කෝලී - නොදැවී  76
යුවරාජ් සිං - නොදැවී  23
අතිරේක (පා-2, ව-1,නි-1) 4
එකතුව ඕවර 38 කදී කඩුලු 2 ක් දැවී     193
කඩුලු වැටීම 
1-23 (ශර්මා), 2-151 (ධවාන්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
හර්දික් පාණ්ඩ්‍යා, මහේන්ද්‍ර සිං දෝනි, කේදර් ජාදව්, රවින්ද්‍ර ජදේජා, බුවනේෂ් කුමාර්, රවිචන්ද්‍රන් අශ්වින්, ජස්ප්‍රීට් බුම්රා. 
පන්දු යැවීම
කගිසෝ රබාඩා  9-2-34-0  
මෝර්න් මෝකල්  7-1-38-1 නි-1
ඇන්ඩ්ල් පෙලොක්වායෝ  5-0-25-0  
ක්‍රිස් මොරිස්  8-0-40-0 ව-1
ඉම්රාන් තහීර් 6-0-37-1  
ජේ.පී.ඩුමිනි  3-0-17-0  

මෙම තරගය පරාජය වීම නිසා දකුණු අප්‍රිකාවට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 38 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර පන්දු 101 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 76 ක් රැස්කළ නායක විරාට් කෝලි සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. කෝලි අද දිනයේදී ලබාගත්තේ සිය එක්දින දිවියේ 41 වැනි අර්ධ ශතකයයි.

ආරම්භක පිතිකරු ශිකර් ධවාන් (78) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 148 කදී ලකුණු 128 ක් සම්බන්ධතාවක් ගොඩනැගූ කෝලි, ඉන් නොනැවතී යුවරාජ් සිං (නොදැවී 23) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 42 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මග පැදූවේය.

පන්දු 83 කදී වාර්තා වූ ධවාන්ගේ 19 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් සමන්විත වූ අතර පන්දු 25 කදී වාර්තා වූ යුවරාජ්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලිගේ ආරධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 44.3 ක් අවසානයේ ලකුණු 191 කට සීමා කිරීමට ඉන්දීයාව සමත් විය.

ඒ. බී. ඩිවිලියර්ස්ගේ දැවීයෑමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ඉනිමේ කඩා වැටීම ආරම්භ වූ අතර එතැන් සිට ලකුණු 51 ක් තුළ ඉතිරි කඩුලු 8 ම බිඳ හෙළීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. ඩිවිලියර්ස් පිටියේ රැඳී සිටියදී කඩුලු 2 ක් වශයෙන් සටහන්ව තිබූ ලකුණු පුවරුව ඕවර 16 ක් අවසානයේදී සියලු දෙනා දැවී 191 ක් වශයෙන් සටහන් විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් ලෙස සැලකෙන නායක ඒ. බී. ඩිවිලියස් (16) සහ ඬේවිඞ් මිලර් (01) දුවද්දී දැවීයෑම්වලට හසුවීම, දකුණු අප්‍රිකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ මග අහුරා දැමීමක් විය. දක්ෂ පන්දුයැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2 බැගින් දවාගනිමින් දකුණු අප්‍රිකානු ඉනිමේ පසුපෙළ සුණුවිසුණු කර දැමූහ.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 105 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන් වූ ක්වින්ටින් ඩි’ කොක් (53) සහ හෂීම් අම්ලා සමත් වූහ. රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් දෙමින් දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවීයන විට අම්ලාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්ව තිබිණ.

ක්වින්ටින් ඩි’ කොක් පන්දු 72 කදී හතරේ පහර 4 ක් සමගින් සිය 14 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ඔහුට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. මෙම තරගයට සහභාගිවීමට පෙර අවසන් වරට ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ තරග 9 දී (135, 106, 101, 7, 29, 34, 103, 43 සහ 109) ශතක 5 ක් සමගින් ලකුණු 667 රැස්කිරීමට ඩි’ කොක් සමත්ව සිටියේය.

 

- 036

 


අදහස් (0)

ඉන්දියාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.