Last Update  :  2026-02-12 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉතාලියට කඩුලු 10 ක පහසු ජයක්
විස්සයි-20 ලෝක කුසලාන

ඉතාලියට කඩුලු 10 ක පහසු ජයක්

editorial - 2026 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

විස්සයි-20 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලි⁣යේ 'සී' කාණ්ඩය යටතේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති මූලික වටයේ තරගයේදී නේපාලයට එරෙහිව කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉතාලිය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 124 ක ඉලක්කයක් හඹා ගිය ඉතාලිය ඕවර 12.4 ක් අවසානයේ කිසිවකු නොදැවී ඉලක්කය සපුරා ගත්තේය. ආරම්භක පිතිකරුවන් වූ ඇන්තනී මොස්කා පන්දු 32 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 62 ක්ද, ජස්ටින් මොස්කා පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 60 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාලයට ක්‍රිෂාන් කළුගමගේ ප්‍රමුඛ ඉතාලි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 123 ක් පමණි. එහිදි සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කළ ක්‍රිෂාන් කඩුලු 3 ක් බිඳහෙළුෑ අතර බෙන් මනෙන්ති ලකුණු 9 කට කඩුලු 2 ක් දවාගත්තේය.

නේපාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරිෆ් ෂෙයික් පන්දු 24 කින් ලකුණු 27 ක් රැස්ක⁣ළේ හයේ පහර 3 ක් සමගිනි. නායක රොහිත් පෞ⁣ඩෙල් පන්දු 14 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 23 ක්ද, ආරම්භක පිතිකරු ආසිෆ් ෂෙයික් පන්දු 20 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද රැස්කිරීමට සමත් වූහ. 

 

නේපාලය - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 123
(ආසිෆ් ෂෙයික් 20, රෝහිත්.පෞඩෙල් 23, දීපේන්ද්‍ර සිං 17, ආරිෆ් ෂෙයික් 27, කේ.සී. කරන් නොදැවී 18, ක්‍රිෂාන් කළුගමගේ 18/3, බෙන් මනෙන්ති 09/2)

ඉතාලිය - ඕවර 12.4 කදී කිසිවකු නොදැවී 124
(ජස්ටින් මොස්කා නොදැවී 60, ඇන්තනී මොස්කා නොදැවී 62) 


අදහස් (0)

ඉතාලියට කඩුලු 10 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.