Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇෆ්ඝනිස්ථානය දැවැන්ත පිම්මක
ආසියානු කුසලාන

ඇෆ්ඝනිස්ථානය දැවැන්ත පිම්මක

editorial - 2022 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලන තරගාවලිය ආරම්භ කරමින් පැවැති තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 8 කින් පරාජය කළ ඇෆ්ඝනිස්ථානුවෝ +5.176 ක ඇදහිය නොහැකි ශුද්ධ ලකුණු වේගයක් අත්පත් කරගත්හ. මෙම ශුද්ධ ලකුණු වේගය හේතුවෙන් තරගාවලියේ දෙවැනි වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අති විශාල ලකුණු පරතරයකින් බංග්ලාදේශය පරාජය කළ යුතුව තිබේ.

මෙවන් ලකුණු වේගයක් ලබාගැනීම ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම තරගාවලිය ආරම්භයේදීම ලබාගත් දැවැන්ත පිම්මකි.

ඊයේ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 105 කට සීමාකළ ඇෆ්ඝනිස්ථානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය 5.250 ක් සේ රඳවා ගත්හ. ජයග්‍රහණය සඳහා වූ ලකුණු 106 ලබාගැනීමට ඇෆ්ඝනිස්ථානු පිතිකරුවන්ට අවශ්‍ය වූයේ ඕවර 10.1 ක් හෙවත් පන්දු 61 කි. ඇෆ්ඝනිස්ථානුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය 10.426 කි.

මේ හේතුවෙන් ඇෆ්ඝනිස්ථානයේ ශුද්ධ ලකුණු වේගය +5.176 ක් විය.

තරගාවලියේ දෙවැනි තරගය අද (28 වැනිදා) ඉන්දියාව සහ පාකිස්තානය අතර රාත්‍රී 7.30 ට ඩුබායි හිදී පැවැත්වේ.


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානය දැවැන්ත පිම්මක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.